පාන් ගණන් උස්සයි

අද (19) මධ්‍යම රාත්‍රියේ සිට ග්‍රෑම් 400ක පාන් ගෙඩියක මිල රුපියල් 30.00කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙරට අලෙවි වන පාන් ගෙඩියක මිල රුපියල් 150.00කට වඩා වැඩි මිලක් ගනු ඇති.