පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ මෘත ශරීර ගොඩ ගැසේ

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ කොරෝනා මළ සිරුරු 22 ක් ඇතුලු මළසිරුරු 45 ක් ගොඩගැසී තිබීමෙන් දැඩි දුර්ගන්ධයක් සමග සෞඛ්‍ය තර්ජනයක් පවතින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
මෘත ශරීරාගාරයේ තිබෙන අධි ශීතකරණ දෙකෙහි තැම්පත් කර තැබිය හැකි මළ සිරුර ප්‍රමාණය 12 ක් පමණක් බවත් අනෙක් සියලුම මළසිරුරු මෘත ශරීරාගාරය තුළ සහ ඉන් පිටත ට්‍රොලි මත තැන්පත් කර ඇතැයි එම ආරංචි මාර්ග පවසයි.

කොරෝනා වෛරසයෙන් මිය ගිය මළ සිරුරු 22 ක් ,නාඳුනන මළ සිරුරු 5 ක් අනෙකුත් මළසිරුරු 19 එලෙස තැන්පත්ව ඇති බවයි පැවසෙන්නේ.

එලෙස තැන්පත් කර තිබෙන බහුතරයක් මළසිරුරු නරක් වීමෙන් මෙම දුර්ගන්ධය හටගන්නා බව දැනගන්නට ලැබෙනවා.

කොරෝනා වෛරසයෙන් මියගොස් සිටින පුද්ගලයන්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වුවද ඔහුන්ගේ සමීප ඥාතීන් ද නිරෝධායනට ලක් කර ඇති බැවින් එම දේහයන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ආදාහන කටයුතු සිදු කිරීම සඳහා සමීප ඥාතීන් දෙදෙනකු සහභාගී කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති වීමෙන් මෙම තදබදය හට ගැනීමට ප්‍රධානම හේතුව බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි .

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?