පානදුර නගර මධ්‍යයේ අනන්‍යතාවය තහවුරු නොවූ නිසල සිරුරක්

පානදුර දකුණ පොලිස් වසමේ පානදුර නගරයේ අක්ෂි සායනයක් අසල ඊයේ (07) සවස පිරිමි මෘත ශරීරයක් ඇති බවට පානදුර දකුණ පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.

යටි කයට දුඹුරු සහ නිල් පැහැති ඉරි සහිත සරමක්ද උඩුකය නිරුවත්, වයස අවරුදු 45 ත් 50 ත් අතර පමණ වන උස 170cm ක් පමණ පුද්ගලයෙක් බව පොලිසිය පෙන්වා දෙනවා.

මෘත ශරීරය පානදුර රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පානදුර දකුණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted