පාඩු ලබන ආයතන පෞද්ගලීකරණය කිරීම විසඳුමක් නෙවෙයි

පාඩු ලබන ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමේදී පෞද්ගලීකරණය එකම විකල්පය නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ ඊයේ (29) බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වෘත්තිය සමිති නායක ලෙස්ලි දේවේන්ද්‍රගේ 60 වසරක වෘත්තීය සමිති දිවිය සැමරීම වෙනුවෙන් පැවැති වැඩසටහනක් අමතමිනි.

බදු ගෙවන්නන්ගේ අරමුදල් නිකරුණේ ජාතික අවශ්‍යතාව සඳහා ධනාත්මක එකතුවක් ඇති නොකරන ආයතනවලට රිසි සේ මුදල් පොම්ප කිරීමෙන් රටක් ගොඩනැගිය නොහැකි වුවත් ඒවා ප්‍රතිව්‍යූහගතකරණයේ දී පෞද්ගලිකරණයද එකම විකල්පය කියා සිතිය යුතු බවයි විපක්ෂ නායකවරයා එහිදී කියා සිටියේ.

අප රටටම ගැලපෙන ආකෘතියක් වැඩපිළිවෙළක් ඇති කර පාඩු ලබන ආයතන ලාභ ලබන තත්ත්වයට ගෙන ඒමත් ඒ තුළ යම් යම් අගතිගාමී තත්ත්වයන් කම්කරු පන්තියට එනවා නම් නව සැලසුම් හා නව විසඳුම් කරා යා යුතු බවත් මේ සෑම අවස්ථාවකදීම සෞභාග්‍යය යන්න ජන සමාජයේ බලවතුන්ට ප්‍රභූන්ට ඉහල කණ්ඩායම්වලට පමණක් සීමා නොවී ජන සමාජයේ හඬක් නොමැති නිහඩ බහුතරයට ද හඬක් බවට අප සැම දෙනා පත්විය යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

එසේම රට පැවැත්ම ආර්ථික ක්‍රියාවලිය මත පදනම් වන බවත් ආර්ථික යාන්ත්‍රණය තුළ භාණ්ඩ හා සේවා නිපදවෙන බවත් භාණ්ඩ හා සේවා නිපදවෙන නිෂ්පාදන ක්‍රියාදාමයට ලොව පිළිගත් වැදගත් අංශ 4ක් පවතින බවත් එනම් ඉඩම්, ප්‍රාග්ධනය, කම්කරුවෝ සහ ව්‍යවසායකත්වය යන අංශ 4න් කම්කරු අංශය වෙනුවෙන් කම්කරු ප්‍රජාවගේ මූලික හා මානව අයිතීන්, ආර්ථික සමාජීය දේශපාලනික සහ අනෙකුත් අයිතීන් වෙනුවෙන් නිර්භීතව පෙනී සිටි පරමාදර්ශී චරිතයක් ලෙස ලෙස්ලි දේවේන්ද්‍ර මහතා හැඳින්විය හැකි බවත් ඔහු විශ්වාස කරන න්‍යය හා සමගි ජන බලවේගය පිළිපදින මැද මාවත අතර සමානකම් ඇති බවත් විපක්ෂ නායකවරයා එහිදී අවධාරණය කළේය.

තවද ඔහු සමගි ජන බලවේගය මෙන් ගජමිතුරු ධනවාදය, ලුම්පන් ධනවාදය තරයේම ප්‍රතික්ෂේප කරන බවත් ධනය, සම්පත හා ආදායම සර්ව සාධාරණව බෙදී යා යුතුයි යන සංකලයේ සිටින බවත් සමාජ සාධාරණත්වය, සමානාත්මතාව, යුක්තිය පදනම් කර ගෙන බෙදී යාම නිවැරදිව සිදුවිය යුතුයි කියන ප්‍රතිපත්තිය අනුගමනය කරන ජනතා නායකයකු බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

එමෙන්ම රටක නිෂ්පාදන දාමය තුළ බොහෝ විට ධන උත්පාදනයට කම්කරු පන්තිය ලබා දෙන දායකත්වය ක්‍රමවේදය අනුව නොසලකා හැරීමක් සිදුව ඇති බවත් එය අප රටේ පමණක් නොව ලෝක ඉතිහාසයේ පවා සිදුවූ දෙයක් බවත් ධනය උත්පාදනය කරන්න කම්කරු ශ්‍රමය දායකත්වයක් ලබා දුන් පසු ධනවාදය මානුෂීය නොවන්නේ නම් ඒ උත්පාදනය කරන සම්පත හා ධනය සුපිරි පැළැන්තියේ බලාධිකාරයට යටත් වන බවත් එය එසේ නොවිය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මෙම ධනවාදය මානුෂීය ධනවාදයක් විය යුතු බවත් ධනවාදී ක්‍රමය තුළ ඇති හැකි නැති බැරි පරතරය නිර්මාණය වන බවත් මේ අවස්ථාවේදී සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වැදගත් බවත් උත්පාදනය කරන ධනය යුක්තිය සාධාරණත්වය සමානාත්මතාව කේන්ද්‍ර කර ගෙන සමසේ බෙදී යන සමාජ ප්‍රජාතන්ත්‍රවාදයකට මුල පිරීම ලෝකයේ බොහෝ සාර්ථක රටවල් අනුගමනය කරනා බවත් එකතු කර ගත් වර්ධනය බෙදා ගත් සෞභාග්‍යය වැනි සංකල්පයන් තුළ සාර්ථක ගමන් යන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් ප්‍රකාශ කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18