පාකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට වසර 3ක සිර දඬුවමක්

පාකිස්ථාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරට අධිකරණයක් විසින් වසර 3ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

ඔහුට එල්ල වී ඇති දූෂණ චෝදනාවකට වරදකරු වීම හේතුවෙනුයි ඉම්රාන් ඛාන්ට මෙම සිර දඬුවමක් අද නියම වී ඇත්තේ.

ඉස්ලාමාබාද් නුවර පැවති නඩු විභාගයේදී හිටපු අගමැතිවරයාට වසර පහකට ක්‍රියාකාරී දේශපාලනයේ නිරතවීම ද තහනම් කර තිබෙනවා.

ඒ අනුව ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීමටයි අධිකරණය වරෙන්තු නිකුත් කර ඇත්තේ.

හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු ද වන 70 හැවිරිදි ඉම්රාන් ඛාන් සිය අග්‍රාමාත්‍ය ධුර කාලය තුළ විදේශීය ප්‍රභූවරුන්ගෙන් ලැබුණු ත්‍යාග නීති විරෝධී ලෙස විකිණීම සම්බන්ධයෙන් වැරදිකරු වී තිබෙනවා.

හිටපු අගමැතිවරයාගේ සහායකයින් ඩුබායිහිදී ඒවා අලෙවි කර ඇති බවට චෝදනා පවතින අතර එම තෑගි අතර රජ පවුලක් විසින් ලබා දුන් ඔරලෝසු ද ඇතුළත් බව සඳහන්.

විනිසුරු හුමායුන් දිලාවාර් ප්‍රකාශ කළේ ඉම්රාන් ඛාන් දූෂිත ක්‍රියාවන්ට සම්බන්ධ බව ඔප්පු වී ඇති බවයි.

ඛාන් නඩු විභාගය සඳහා උසාවියේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතීඥයා ප්‍රකාශ කර ඇත්තේ හිටපු අගමැතිවරයා ලාහෝර්හිදී අත්අඩංගුවට ගෙන ඇති බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26