AFC Banner
AFC Banner
Empty Ad

පාකිස්ථාන විදේශ ඇමතිවරිය ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Hina Rabbani Khar දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Mumtaz Zahra Baloch පවසන පරිදි අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උත්සවයට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වනු ඇති බවයි.

නිදහස් දින උත්සවවලට සහභාගී වීමට අමතරව Hina Rabbani Khar ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිත බව සඳහන්.

ද්විපාර්ශ්වික සහයෝගීතාවය මෙන්ම සෑම අංශයකින්ම අඛණ්ඩව වර්ධනය වී ඇති ඓතිහාසික සබඳතා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය දෙරට අතර අවබෝධය වැඩි දියුණු කිරීමට දායක වනු ඇති අතර දුෂ්කර අවස්ථාවක ශ්‍රී ලංකාවට පකිස්ථානයේ සහය ලබාදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සදහා විදේශ රටවල අමාත්‍යවරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රැසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර ඇති බවයි.

ඒ අතරින් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියයි. ඇය තම දූත පිරිස සමග පෙරේදා (01) මෙරටට ළඟා වුණා.

අනතුරුව අද බංගලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ, භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි යන මහත්වරුන් සිය දූත පිරිස් සමග කටුනායක ගුවන් තොටුපළ ඔස්සේයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව නිදහස් උළෙලට සහභාගී වීම සදහා තානාපති නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ටියුනීසියාව, මොරොක්කෝව, බොට්ස්වානා, නේපාලය, පෝලන්තය, ලැට්වියාව, කසකස්තානය, ඝානාව, ගැම්බියාව, ඉන්දුනීසියාව, මාලි රාජ්‍යය, මොසැම්බික්, සර්බියාව, උගන්ඩාව, ඊශ්‍රායලය, සෙනගාලය, පිලිපීනය, ඉතාලිය සහ නයිජීරියාව යන රටවල තානාපති නිලධාරීන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?