පාකිස්ථාන විදේශ ඇමතිවරිය ශ්‍රී ලංකාවට

පාකිස්තානයේ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය Hina Rabbani Khar දෙදින සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.

පකිස්ථානයේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක Mumtaz Zahra Baloch පවසන පරිදි අමාත්‍යවරිය ශ්‍රී ලංකාවේ 75 වන නිදහස් දින උත්සවයට ගෞරවනීය ආරාධිතයෙකු ලෙස සහභාගී වනු ඇති බවයි.

නිදහස් දින උත්සවවලට සහභාගී වීමට අමතරව Hina Rabbani Khar ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදේශ අමාත්‍යවරයා හමුවීමට ද නියමිත බව සඳහන්.

ද්විපාර්ශ්වික සහයෝගීතාවය මෙන්ම සෑම අංශයකින්ම අඛණ්ඩව වර්ධනය වී ඇති ඓතිහාසික සබඳතා පකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර පවතින බවයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරය දෙරට අතර අවබෝධය වැඩි දියුණු කිරීමට දායක වනු ඇති අතර දුෂ්කර අවස්ථාවක ශ්‍රී ලංකාවට පකිස්ථානයේ සහය ලබාදෙන බව ඇය වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර අප වාර්තාකරුවන් සඳහන් කළේ 75 වන නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සදහා විදේශ රටවල අමාත්‍යවරුන්, තානාපතිවරුන් සහ රාජ්‍ය දූත කණ්ඩායම් රැසක් මේ වනවිට ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව කටුනායක ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කර ඇති බවයි.

ඒ අතරින් මුලින්ම ශ්‍රී ලංකාවට පැමිණියේ පොදු රාජ්‍ය මණ්ඩලයේ මහ ලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මහත්මියයි. ඇය තම දූත පිරිස සමග පෙරේදා (01) මෙරටට ළඟා වුණා.

අනතුරුව අද බංගලාදේශ විදේශ අමාත්‍ය අබ්දුල් මොබන්, ජපාන විදේශ කටයුතු අමාත්‍ය ටකේ සුන්සුකේ, භූතානයේ අධ්‍යාපන අමාත්‍ය ජායි බින් රායි යන මහත්වරුන් සිය දූත පිරිස් සමග කටුනායක ගුවන් තොටුපළ ඔස්සේයි ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ.

රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස් ලෙස ඉන්දියාව, පකිස්තානය, බංග්ලාදේශය සහ මාලදිවයින යන රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

මීට අමතරව නිදහස් උළෙලට සහභාගී වීම සදහා තානාපති නිලධාරීන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ටියුනීසියාව, මොරොක්කෝව, බොට්ස්වානා, නේපාලය, පෝලන්තය, ලැට්වියාව, කසකස්තානය, ඝානාව, ගැම්බියාව, ඉන්දුනීසියාව, මාලි රාජ්‍යය, මොසැම්බික්, සර්බියාව, උගන්ඩාව, ඊශ්‍රායලය, සෙනගාලය, පිලිපීනය, ඉතාලිය සහ නයිජීරියාව යන රටවල තානාපති නිලධාරීන් වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21
Video thumbnail
හිටපු පොලිස්පති පූජිත්ට අත්වුණු ඉරණම ගැන දුර සිට බලා දුක්වුණු SDIG
01:11
Video thumbnail
රැඳවියෙකුගේ ඥාතියෙක් පොලිස් නිලධාරියෙකුට මූණටම කියපු කතාව..
00:31