පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරී ධුරය මොහොමඩ් හෆීස්ට

එළඹෙන දෙසැම්බර් මාසයේ දී ඔස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් ආරම්භ වීමට නියමිත පාකිස්ථාන – ඔස්ට්‍රේලියා ටෙස්ට් තරගාවලිය සඳහා පාකිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාර ධුරය මොහොමඩ් හෆීස් හට හිමි ව තිබෙනවා.

එමෙන්ම හෆීස්ගේ සේවය ලබන වසරේ ජනවාරි මාසයේ දී ඇරඹීමට නියමිත නවසීලන්තයට එරෙහි පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලිය සඳහා ද වලංගු වනු ඇති.

ලබන මස 14 වැනි දා ඔස්ට්‍රේලියාවට එරෙහි පළමු ටෙස්ට් තරගය පර්ත් නුවර දී ආරම්භ වනු ඇති.

දෙවැනි ටෙස්ට් තරගය 26 වැනිදාත්, තෙවැනි තරගය ජනවාරි මස 04 වැනි දිනත් පැවැත්වීමටයි සියලු කටයුතු සූදානම් කර ඇත්තේ.

නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඔක්ලන්ඩ් නුවර දී ආරම්භ වන්නේ ලබන වසරේ ජනවාරි 12 වැනිදායි.

පාකිස්ථාන කණ්ඩායම මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයෙන් ඉවතට වීසි වූයේ තරගාවලියේ මුහුණදුන් තරග 09න් 04ක් පමණක් ජයගනිමින්.

ඔවුන්ට ප්‍රසාද ලකුණු සටහනේ ද පස්වැනි තැනයි හිමිවූයේ.

මෙලෙස පාකිස්ථානු ක්‍රිකට් කණ්ඩායමේ තරග පරාජයට සහ පසුබෑම හේතුවෙන් එක්දින, ටෙස්ට් සහ පන්දුවාර 20 යන ආකෘති තුනෙන් ම නායක බාබර් අසාම් සිය නායකත්වයෙන් ද ඉවත් වුණා.

එමෙන්ම ආරංචි මාර්ග සඳහන් කළේ මාස 06ක කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම හේතුවෙන් පාකිස්ථානයේ වේග පන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ මොඒන් මෝර්කල් ද සිය ධුරයෙන් ඉල්ලා අස්වූ බවයි.

එම හිඩැස පිරවීමට ද ඉදිරියේ දී පාකිස්ථානු කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස හිටපු වේග පන්දු ක්‍රීඩක උමර් ගුල් ගේ පැමිණීමක් පිළිබඳ ව ද තොරතුරු වාර්තා වුණා.

මෙවන් පසුබිමකදීයි පාකිස්ථානයේ ඉදිරි ක්‍රිකට් තරගවල ජයග්‍රහණයන් වෙනුවෙන් මෙම සංශෝධනයන් සිදු කෙරෙමින් පවතින්නේ.

ඒ අනුවයි ප්‍රධාන පුහුණුකාරීත්වය එරට හිටපු ක්‍රීඩක මොහොමඩ් හෆීස් හට වෙන් කර ඇත්තේ.

හෆීස් පත්වීමට පෙර පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වය හිමි ව සිටියේ මිකී ආතර් හටයි.

වසර දෙකකට පෙර අවසන් වරට පකිස්තානයට ක්‍රීඩා කළ 43 හැවිරිදි හෆීස් මේ දක්වා කිසිදු පුහුණුකරු අත්දැකීමක් නොලැබූ අයෙක් වීම ද සුවිශේෂී කරුණක්.

පාකිස්ථාන කණ්ඩායමට මේ වසර අවසානය වන තෙක් කිසිදු ක්‍රිකට් අධ්‍යක්ෂවරයෙකු සිටියේ නොමැති බවත්, හෆීස්ට එම ධුරය හිමිවීම මේ වනවිට එරට ක්‍රිකට් සමාජයේ වැඩි අවධානයක් දිනා ගත් පුවතක් වී ඇති බවත් වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30