පාකිස්ථානයට යන ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

ලබන සතියේ ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා – පාකිස්තාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහ ශ්‍රී ලංකාව, පාකිස්ථානය සහ සිම්බාබ්වේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන විස්සයි විස්ස තුන්කොන් තරගාවලිය සඳහා එක්වන ජාතික කණ්ඩායමේ එක්දින හා විස්සයි විස්ස සංචිත අද (07) පස්වරුවේ නම් කරනු ලැබුවා.

ඒ අනූව පාකිස්ථානය සමඟ පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සඳහා චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් 16 දෙනෙනෙකුගේ සංචිතයක් නම් කර තිබෙනවා.

එම සංචිතය වනුයේ නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, ළහිරු උදාර, කමිල් මිෂාර, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, පවන් රත්නායක, ,වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, දුෂ්මන්ත චමීර, අසිත ප්‍රනාන්දු, ප්‍රමෝද් මදුෂාන්, එෂාන් මාලිංග.

එක්දින සංචිතයට නම් කර තිබූ දිල්ෂාන් මදුශංක දණහිසේ ආබාධයකින් සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක් නොවන අතර, ඊෂාන් මාලිංග ඔහුගේ ආදේශකයා ලෙස නම් කර තිබෙනවා.

තුන්කොන් විස්සයි විස්ස තරගාවලිය සඳහා නායක චරිත් අසලංක, පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, කමිල් මිෂාර, දසුන් ශානක – උප නායක, කමිඳු මෙන්ඩිස්, භානුක රාජපක්ෂ, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුෂාන් හේමන්ත, දුෂ්මන්ත චමීර, නුවන් තුෂාර, අසිත ප්‍රනාන්දු, ඊෂාන් මාලිංග එක්වනවා.

T20I සංචිතයට නම් කර තිබූ මතීෂ පතිරණ, උගුරේ ආසාදනයකින් (URTI) සුවය ලබමින් සිටින බැවින් සංචාරයට එක් නොවන අතර, අසිත ප්‍රනාන්දු ඔහුගේ ආදේශකයා ලෙස නම් කර තිබෙනවා.

ඒ අනුව මෙම ක්‍රීඩකයන් හෙට (08) පාකිස්තානය බලා පිටත්ව වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?