පාකිස්තාන හමුදාපති මේ මස අග දී ශ්‍රී ලංකාවේ සංචාරයක

පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් මේ මස 20 වැනිදා සිට 23 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වන බව නිවුස්18 වාර්තා කරනවා.

ඔහු ජනාධිපති අනුර කුමාර දිසානයක මහතා ද හමුවීමට නියමිතව ඇති අතර නියෝජ්‍ය ආරක්ෂක ඇමති ඇතුලු තවත් ඉහළ පෙළේ නියෝජිතයන් සමග සාකච්ඡා පැවැත්වීමට ද නියමිතව තිබෙනවා.

එමෙන්ම පාකිස්තාන හමුදා ප්‍රධානියා පින්නවල අලි අනාථාගාරය, සීගිරිය සහ මහනුවර දළදා මාළිගාව ඇතුලු ස්ථානවල සංචරය කිරීමට නියමිත බව ද ප්‍රවෘත්ති වාර්තාවේ දැක්වෙනවා.

කෙසේ වෙතත් එහි චෝදනා නගා තිබුණේ මෙම සංචාරය රාජ්‍යතාන්ත්‍රික සංචාරයකට වඩා උසස් නිවාඩුවක් ගත කිරීමේ සැලසුමක් ලෙසයි.

පාකිස්තාන අගමැතිවරයා සහ ජනාධිපතිවරයා සිටිය දී එරට හමුදාපතිවරයා රාජ්‍යතාන්ත්‍රික වැඩසටහන් සඳහා විදෙස්ගත වීමේ පදනම සම්බන්ධයෙන් ද නිවුස්18 ප්‍රශ්න කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?