පාකිස්තාන සුපර් ලීග් තරගාවලිය යුද ගැටුම් හේතුවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ?

පාකිස්තානය සහ ඉන්දියාව අතර දිනෙන් දින උග්‍ර වන යුදමය වාතාවරණ තත්ත්වය හේතුවෙන් 2025 පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කළේ, නමුත් තවමත් එම තරග පැවැත්වෙන දින සහ ස්ථාන ප්‍රකාශයට පත් කර නොමැති බවයි.

පාකිස්තාන සුපර් ලීගයේ (PSL) තවත් තරග 08ක් ඉතිරිව තිබෙනවා.

PCB නිවේදනය කළේ, ක්‍රීඩාවේ සුරක්ෂිත තත්ත්වය වෙනුවෙන් සහ ක්‍රීඩකයින් වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මෙම තීරණය ගත් බවයි.

ඊයේ (08) රාත්‍රියේ දී කරච්චි කිංග්ස් සහ පෙෂාවර් සල්මි අතර තරගය පාකිස්තානයේ රාවල්පින්ඩි ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ව තිබුණා.

නමුත් එම ක්‍රීඩාංගණයට ඩ්‍රෝන යානාවක් කඩා වැටීම හේතුවෙන් එම තරගය පැවැත්වීම අවලංගු කෙරුණා.

ඉන් පසුව PCB සභාපති මොහ්සින් නක්වි පාකිස්තානු ලීගයට එක් වන විදේශීය ක්‍රීඩකයින් හමු වූ අතර ඔවුන් සමග සාකච්ඡා කර තරගයේ ඉතිරි කොටස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට තීරණය කරගත් බවත් වාර්තා වනවා.

ඉන්දියාව ද දිගින් දිගටම පාකිස්තානය වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර ඉන්දියානු ප්‍රහාර විශාල සංඛ්‍යාවක් පාකිස්තානය සාර්ථක ව වළක්වා ගෙන තිබෙනවා.

අප්‍රේල් මාසයේ අග භාගයේ දී ඉන්දියාවේ කාශ්මීර – පහල්ගම් හි දී පාකිස්තානු ත්‍රස්ත කණ්ඩායමක් විසින් සංචාරකයින් 26 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවයි මෙම සින්දූර් මෙහෙයුම ඉන්දියාව විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.08
00:00
Video thumbnail
බදාදා නිවාඩු දිනය අවලංගු වීමත් සමඟ අද පැවති තත්ත්වය.."හොඳයි ඉතින් නිවාඩුව ඉවර වුණ එක"
01:58
Video thumbnail
එළවළු කඩයකට ගිහින් මුදල්වලට ෆුල් සුද්දයක් දුන් සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:21
Video thumbnail
වැල්ලවායේදී කරනම් ගැසූ ලොරිය..බිහිසුණු අනතුර CCTV කැමරාවේ සටහන් වෙයි
01:11
Video thumbnail
ගොවියන්ගේ රතු කට්ට පනියි..පේදුරු තුඩුවේ ඉදන් දෙව්න්දර තුඩුවට එනකල් ගොයියෝ බස්සනවා මහ පාරට..
09:03
Video thumbnail
CEB එකේ දෝෂයක් නිසා වසරක් පුරා අඳුරේ ඉන්න අසූ හැවිරිදි වයෝවෘද්ධ මව
02:40
Video thumbnail
මහා පරිමාණ සුරතල් සත්ත්ව ඖෂධ නිෂ්පාදනාගාරයක් වටලයි
00:45
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08