පාකිස්තාන ධජය මතට මුත්‍රා කරන ලෙසට බාලවයස්කරුවෙකුට බලපෑමක්

15 හැවිරිදි බාල වයස්කාර දරුවෙකුට පාකිස්තාන ධජය මතට මුත්‍රා කරන ලෙසට පිරිසක් බල කරන ආකාරය දැක්වෙන වීඩියෝ පටයක් සම්බන්ධයෙන් ඉන්දීය උත්තර් ප්‍රදේශ් හි පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

උත්තර් ප්‍රදේශ් හි අලිගාර් ප්‍රදේශයේ සිටින මෙම පාසල් සිසුවා ව වටකරගෙන සිටින කණ්ඩායමක් විසින් අදාළ බලපෑම සිදු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති බවයි NDTV මාධ්‍ය නිවේදනය කළේ.

පසුගිය සතියේ පහල්ගම් හි සංචාරකයින් 26 දෙනෙකුට මරු කැඳවමින් පාකිස්තානය කේන්ද්‍ර කරගත් ත්‍රස්ත සංවිධානයක් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් අනතුරුව මෙවැනි ක්‍රියා සමාජය තුළ සිදුවන්නේ වාර්ගික අසමගිය ඇති කරලීමට බව සමාජවාදී පක්ෂයේ අලිගාර් දිස්ත්‍රික් කණ්ඩායම සඳහන් කරනවා.

මෙම බාලවයස්කාර දරුවා පසුගියදා සිය මිත්‍රයින් සමග පාරේ ගමන් කරමින් සිටියදී පාකිස්තාන ධජය බිම වැටී තිබෙනයුරු නිරීක්ෂණය වී තිබෙනවා.

ඉන්පසුව මැර පිරිසක් පැමිණ මෙම දරුවාට පහර දී, ඔහුගේ නම විමසමින් සඳහන් කර තර්ජනය කර ඇත්තේ පාකිස්තානු ධජය මතට මළමුත්‍රා කරන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
1
+1
0
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38