පාකිස්තානයේ යළි දේශපාලන අර්බුද

පන්ජාබ් සභාවේ විපක්ෂය ප්‍රධාන අමාත්‍යවරයා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

ඔවුන් සභාවෙන් පිටත මෙම රැස්වීම පවත්වා තිබීම විශේෂත්වයක්.

සිකුරාදා පන්ජාබ් මහ ඇමති මරියම් නවාස් සභා සැසිවාරයට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු රැස්වීම් 15 කට සහභාගී වීම අත්හිටුවනු ලැබුවා.

PTI සහ පාලක පකිස්තාන මුස්ලිම් ලීගය- නවාස් (PML-N) මන්ත්‍රීවරුන් අතර අර්බුදයක් ඇති ව තිබෙන්නේ ඒ අනුව බව ‘ද ඩෝන්’ වාර්තා කළා.

ඩෝන් වාර්තාවට අනුව, රජය විසින් විපක්ෂ නායක මලික් අහමඩ් ඛාන් බචාර්ගේ වරප්‍රසාද ඉවත් කර ඇති අතර ඉන් පසු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පන්ජාබ් සභාවේ සැසිවාරය පවත්වා මන්ත්‍රීවරුන් 11 දෙනාට සභාවාරයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා.

තහනමට ලක් වූ මන්ත්‍රීවරුන්ට සහාය පළ කරමින්, විපක්ෂ මන්ත්‍රීවරු සභා ගේට්ටුවෙන් පිටත තමන්ගේම සැසියක් පවත්වා මරියම් නවාස් සහ පී.එම්. එල්. එන් නායකත්වයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගෙන ඇත්තේ ඒ අනුවයි.

චෝදනාවට ලක් වූ පළාත් සභා මන්ත්‍රීවරුන් අමතමින් අහමඩ් ඛාන් බචාර් පැවසුවේ, “ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සිවිල් ආඥා දායකත්වය හරහා අපව නිහඬ කිරීමටයි, නමුත් අපි කිසිවිටෙකත් ප්‍රධාන අමාත්‍යවරයා පිළිනොගන්නා බවයි.

ගැටුම් මධ්‍යයේ පන්ජාබ් සභාව අයවැය සම්මත කර ගත් අතර එහි කතානායකවරයා ඉන් පසු දින නියමයක් නොමැතිව සභාව කල්තැබීමටයි පියවර ගෙන ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?