පාකිස්තානයේ යළි දේශපාලන අර්බුද

පන්ජාබ් සභාවේ විපක්ෂය ප්‍රධාන අමාත්‍යවරයා පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් යෝජනාවක් සම්මත කර ගෙන තිබෙනවා.

ඔවුන් සභාවෙන් පිටත මෙම රැස්වීම පවත්වා තිබීම විශේෂත්වයක්.

සිකුරාදා පන්ජාබ් මහ ඇමති මරියම් නවාස් සභා සැසිවාරයට අයවැය ඉදිරිපත් කරන අවස්ථාවේ ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් 11 දෙනෙකු රැස්වීම් 15 කට සහභාගී වීම අත්හිටුවනු ලැබුවා.

PTI සහ පාලක පකිස්තාන මුස්ලිම් ලීගය- නවාස් (PML-N) මන්ත්‍රීවරුන් අතර අර්බුදයක් ඇති ව තිබෙන්නේ ඒ අනුව බව ‘ද ඩෝන්’ වාර්තා කළා.

ඩෝන් වාර්තාවට අනුව, රජය විසින් විපක්ෂ නායක මලික් අහමඩ් ඛාන් බචාර්ගේ වරප්‍රසාද ඉවත් කර ඇති අතර ඉන් පසු දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ පන්ජාබ් සභාවේ සැසිවාරය පවත්වා මන්ත්‍රීවරුන් 11 දෙනාට සභාවාරයට සහභාගී වීම අත්හිටුවා තිබෙනවා.

තහනමට ලක් වූ මන්ත්‍රීවරුන්ට සහාය පළ කරමින්, විපක්ෂ මන්ත්‍රීවරු සභා ගේට්ටුවෙන් පිටත තමන්ගේම සැසියක් පවත්වා මරියම් නවාස් සහ පී.එම්. එල්. එන් නායකත්වයට එරෙහිව යෝජනාවක් සම්මත කර ගෙන ඇත්තේ ඒ අනුවයි.

චෝදනාවට ලක් වූ පළාත් සභා මන්ත්‍රීවරුන් අමතමින් අහමඩ් ඛාන් බචාර් පැවසුවේ, “ආණ්ඩුවට අවශ්‍ය වන්නේ සිවිල් ආඥා දායකත්වය හරහා අපව නිහඬ කිරීමටයි, නමුත් අපි කිසිවිටෙකත් ප්‍රධාන අමාත්‍යවරයා පිළිනොගන්නා බවයි.

ගැටුම් මධ්‍යයේ පන්ජාබ් සභාව අයවැය සම්මත කර ගත් අතර එහි කතානායකවරයා ඉන් පසු දින නියමයක් නොමැතිව සභාව කල්තැබීමටයි පියවර ගෙන ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39