පාකිස්තානයේ දී සංචාරකයෙක් ගිනි තබා ඝාතනය කරලා

දේව අපහාස චෝදනා එල්ල වූ පාකිස්තාන සංචාරකයෙක් ඝාතනය කළ මැර කල්ලියේ සාමාජිකයින් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පාකිස්තාන බලධාරීන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

පසුගිය බ්‍රහස්පතින්දා රාත්‍රියේ කුරානයේ පිටු පුළුස්සා දැමූ බවට චෝදනා කරමින් මැර පිරිසක් මෙම පුද්ගලයාට පහර දී ඝාතනය කර තිබුණා.

පොලිසිය මුල් අවස්ථාවේ අදාළ පුද්ගලයා මුදාගෙන පොලිස් සථානයක් වෙත රැගෙන විත් තිබෙනවා.

නමුත් පසුව මැර පිරිස් පොලිස් ස්ථානයට ගිනි තබා සැකකරු පැහරගෙන ගොස් ඇති අතර, එහිදී පොලිස් නිලධාරීන් 08 දෙනෙක් ද තුවාල ලැබුවා.

අපහාස කිරීම නීත්‍යානුකූලව මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කළ හැකි ඉස්ලාමීය ජනරජයක් වන පකිස්තානයේ මිනිසුන් ඝාතනය කිරීම සාමාන්‍ය දෙයක්.

පොලිසිය විසින් රොයිටර් වෙත සත්‍යාපනය කරන ලද නවතම සිදුවීමේ වීඩියෝ දර්ශන, වියරු මැර පිරිසක් නිරුවත් ලේ වැගිරෙන සිරුරක් වීදි දිගේ ඇදගෙන ගොස් ගිනි තබන ආකාරය පෙන්නුම් කළා.

මෙම වීඩියෝ පටය සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ප්‍රචලිත වූ අතර පකිස්තාන පරිශීලකයින් අතර ද දැඩි විරෝධයක් ඇති කර තිබුණා.

ඝාතනයට ලක් වූ පුද්ගලයා හජ් නිවාඩුව වෙනුවෙන් ජනප්‍රිය සංචාරක ගමනාන්තයක්වන ස්වාත් නිම්නය වෙත පැමිණ ඇති බව පොලිසිය පැවසුවා.

පසුගිය මාසයේ, කුරානයේ පිටු පුළුස්සා දැමීමේ චෝදනාව මත වයස අවුරුදු හැත්තෑ ගණන්වල කිතුනු ජාතිකයෙකු මැර පිරිසක් විසින් පහර දී ඝාතනය කෙරුණා.

මේ අතර 2021 දී, ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරුවෙකු ද පාකිස්තානයේ දී මෙලෙස ඝාතණය වුණා.

මෙම සිද්ධිය ලොව පුරා කැළඹීමට ලක්වීමෙන් පසු ඝාතනයට සම්බන්ධ පුද්ගලයින් හයදෙනෙකුට මරණ දණ්ඩනය නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
12
+1
1
+1
1
+1
6
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37
Video thumbnail
ජනපති සැරවෙයි - අසත්‍ය චෝදනා එල්ල කරන්න එපා
16:08
Video thumbnail
ඉරාන නෞකාවට ලංකාවට එන්න දුන්නානම් ඈත කලාපයේ තිබුණු යුධ ගැටුම මෙහෙට එනවා
07:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? CPC එකෙන් විශේෂ ප්‍රකාශයක්..සෙනසුරාදා සහ ඉරිදා තෙල් බෙදනවා
06:14
Video thumbnail
ගැම්මට අතත් වනාගෙන පාර්ලිමේන්තුවට ආ හැටි ජනපති..මන්ත්‍රීට එන ගමන් මොකක්ද ඒ කිව්වේ ?
00:58
Video thumbnail
"අධිකරණ ඇමති මැද ඇඟිල්ල පෙන්නලා දිව දානවා"පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්..
01:48
Video thumbnail
Actually Great System..දැන් කිසි කරදරයක් නෑ..ඉන්ධන හල්වල අද තත්ත්වය
02:26
Video thumbnail
අජිත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..මොකක්ද මේ කුණුහරුප රජය..මුන් ඇමතිලද ? -
02:48