පාකිස්තානයෙන් ඉන්දියාවට ෂෙල් වෙඩි වැස්සක් – සිවිල් වැසියන් 16ක් මරුට

පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අද (09) අලුයම යළිත් චන්දිගාර් හි කුප්වාරා සහ උරි හි දේශ සීමා ආසන්නයේ දී ඉන්දීය හමුදාවට වෙඩි තැබීම් ආරම්භ කර තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම් සමග චන්දිගාර්හි ජීවත් වන ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ තම නිවෙස්වලින් කිසිම අවස්ථාවක එළියට නො බහින ලෙසට දැනුම්දෙමින් වන බවටයි.

චන්දිගාර්හි වැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසට ඉන්දීය ආරක්ෂක අංශ දැනුම්දී තිබෙනවා.

සින්දූර් මෙහෙයුම යටතේ ඉන්දියාව පළමු ව පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව පාකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළා.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, තම හමුදා පාකිස්තාන හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල නොකළ බවයි.

නමුත් පාකිස්තානය ඉන්දීය හමුදා ස්ථාන වෙත සහ සෙසු නගර වෙත ද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලක් එල්ල කර තිබෙන බවත් ඒවා සියල්ල ම ඉන්දියාව සාර්ථක ව ව්‍යර්ථ කිරීමට සමත් වූ බවත් ඊට පැය කිහිපයකට පසුව පාලන රේඛාව (LoC) හරහා වෙඩි තැබීම් නැවත ආරම්භ වී ඇති බවයි.

ඊයේ රාත්‍රියේ පාකිස්තානය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු, ළමුන් පස්දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ජම්මු, ශ්‍රීනගර්, පන්ජාබ්හි, රාජස්ථානය, බිකනර්, ජෝද්පූර් සහ බාර්මර් හි ප්‍රදේශ වෙඩි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පරිසරයම කළු පැහැ ගැන්වී ඇති බවත් වාර්තා වනවා.

ජම්මු සහ කාශ්මීර මහ ඇමතිවරයා පැවසුවේ ඊයේ රාත්‍රියේ පකිස්ථානය විසින් ජම්මු නගරය සහ අනෙකුත් ප්‍රදේශ වෙත එල්ල කරන ලද “අසාර්ථක ඩ්‍රෝන ප්‍රහාරයෙන්” පසු තත්ත්වය සොයා බැලීමට තමන් අද දිනයේ දී එහි පැමිණෙන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?