පාකිස්තානයෙන් ඉන්දියාවට ෂෙල් වෙඩි වැස්සක් – සිවිල් වැසියන් 16ක් මරුට

පාකිස්තාන ආරක්ෂක අංශ විසින් අද (09) අලුයම යළිත් චන්දිගාර් හි කුප්වාරා සහ උරි හි දේශ සීමා ආසන්නයේ දී ඉන්දීය හමුදාවට වෙඩි තැබීම් ආරම්භ කර තිබෙනවා.

NDTV මාධ්‍ය වාර්තා කළේ මෙම වෙඩි තැබීම් සමග චන්දිගාර්හි ජීවත් වන ප්‍රදේශ වාසීන්ට අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇත්තේ තම නිවෙස්වලින් කිසිම අවස්ථාවක එළියට නො බහින ලෙසට දැනුම්දෙමින් වන බවටයි.

චන්දිගාර්හි වැසියන්ට ගෘහස්ථව රැඳී සිටින ලෙසට ඉන්දීය ආරක්ෂක අංශ දැනුම්දී තිබෙනවා.

සින්දූර් මෙහෙයුම යටතේ ඉන්දියාව පළමු ව පහල්ගම් හි සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයට එරෙහිව පාකිස්තානයට එරෙහිව යුද ප්‍රකාශ කරමින් ගුවන් ප්‍රහාර එල්ල කළා.

නමුත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, තම හමුදා පාකිස්තාන හමුදා කඳවුරු වෙත ප්‍රහාර එල්ල නොකළ බවයි.

නමුත් පාකිස්තානය ඉන්දීය හමුදා ස්ථාන වෙත සහ සෙසු නගර වෙත ද මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැල්ලක් එල්ල කර තිබෙන බවත් ඒවා සියල්ල ම ඉන්දියාව සාර්ථක ව ව්‍යර්ථ කිරීමට සමත් වූ බවත් ඊට පැය කිහිපයකට පසුව පාලන රේඛාව (LoC) හරහා වෙඩි තැබීම් නැවත ආරම්භ වී ඇති බවයි.

ඊයේ රාත්‍රියේ පාකිස්තානය එල්ල කළ ෂෙල් වෙඩි ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු, ළමුන් පස්දෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ජම්මු, ශ්‍රීනගර්, පන්ජාබ්හි, රාජස්ථානය, බිකනර්, ජෝද්පූර් සහ බාර්මර් හි ප්‍රදේශ වෙඩි සහ ගුවන් ප්‍රහාර හේතුවෙන් පරිසරයම කළු පැහැ ගැන්වී ඇති බවත් වාර්තා වනවා.

ජම්මු සහ කාශ්මීර මහ ඇමතිවරයා පැවසුවේ ඊයේ රාත්‍රියේ පකිස්ථානය විසින් ජම්මු නගරය සහ අනෙකුත් ප්‍රදේශ වෙත එල්ල කරන ලද “අසාර්ථක ඩ්‍රෝන ප්‍රහාරයෙන්” පසු තත්ත්වය සොයා බැලීමට තමන් අද දිනයේ දී එහි පැමිණෙන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30