AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රවීණ නිළිය මියුරි සමරසිංහ ජීවන රගමඩලින් සමුගනී

ප්‍රවීණ ටෙලි නාට්‍ය නිළි මියුරි සමරසිංහ අද (06) ජීවිතයෙන් සමුගත්තාය. 1939 මාර්තු 15 වන දින මොරටුවේ උපත ලැබු ඇය මියයන විට 81 වන වියෙහි පසුවූවාය. අවසන් කාලයේ පිළිකා රෝගයෙන් පීඩා වින්දාය.

මොරටුව ශුද්ධවූ රෝසරි කතෝලික පාසලෙන් හා කොළඹ මියුසියස් විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාළ ඇය අවුරුදු 14 දී ජයන්ත අල්ගමගේ මඟ පෙන්වීම යටතේ උඩරට හා පහත රට නැටුම් හැදැරුවාය. පසුව සුදර්ශි ආයතනයේ නැටුම් ගුරුවරියක් ලෙස සේවය කළාය.

වයස අවුරුදු 17 දී විවාහ වූ ඇය වයස අවුරුදු 24 වන විට දරුවන් හතර දෙනෙකුගේ මවකවී සිටියාය. ඇය සිය සැමියා වන පියල් සමරසිංහව මුණගැසුණේ පාසල් අවධියේදීය. මෙම යුවළට දියණියන් තිදෙනෙක් සිටී – සුජීවා, දීප්ති, අවන්ති – සහ එක් පුතෙකු වන රුවන්ය. දීප්ති සහ අවන්ති නිවුන් දරුවන් ය. ඇගේ ස්වාමිපුරුෂයා වූ පියල් 1979 දී මිය යන විට ඇගේ වයස අවුරුදු 39 කි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?