ප්‍රභාකරන්ට වඩා විනාශයක් රජපක්ෂලා කරනවා…

ගලවාගත නොහැකි බංකොලොත් භාවයකට වත්මන් ආණ්ඩුව විසින් රට පත්කර ඇති බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරනවා.

එම තත්වය ඇති කිරීම සම්බන්ධයෙන් රාජ්‍ය නිළදාරින්ට දොස් නැගීමෙන් ඵලක් නොවන බවයි මන්ත්‍රිවරයා පෙන්වා දෙන්නේ.

ඊයේ පැවති මාධ්‍ය හමුවකදී පාඨලී චම්පික රණවක මහතා මේ බව ප්‍රකාශ කළා.

අතීතයේ විදෙස් ආක්‍රමණිකයන් සිදුකළ හානියටත් වඩා වැඩි හානියක් වත්මන් ආණ්ඩුව රටට සිදුකර ඇති බවටද මන්ත්‍රිවරයා මෙහිදී චෝදනා කර සිටියා.ප්‍රභාකරන් වුවත් කල හානිය ඉතා සුළු බවයි ඔහු මෙහිදී කියා සිටියේ.
යම් හෙයකින් ලබන වසරේදී රට තවදුරටත් බරපතල බංකොලොත් භාවයකට පත්වුවහොත් තවත් දශකයක කාළයකදී හෝ රට ගොනැගීමට නොහැකි වනු ඇති බවටද පාඨලී චම්පික රණවක මහතා අනතුරු ඇගවීමක් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?