ප්‍රේමය නිසා පෙම්වතියගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය චුන්නාකම් තාවඩි ප්‍රදේශයේ නිවසකට ඊයේ එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ නිවසේ පදිංචිව සිටි මව, පියා, පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ නිවසේ ගැහැණු ළමයෙකු උරුම්පිරායි ප්‍රදේශයේ තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වූ ආරවුලක් මත එම තරුණයා තම මිතුරු කණ්ඩායමක් සමඟ පැමිණ අදාළ නිවසට පහරදී ඇති බවයි.

නිවසට පහරදුන් පිරිස නිවස ඉදිරිපස නවතා තිබූ ත්‍රිරෝද රථයකට මෙන්ම නිවසේ දොර ජනෙල්වලට ද පහරදී ඇතැයි සඳහන්.

මෙම පහරදීමේ සිද්ධියට අදාළව තරුණයින් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාටල් නිසා ජනපතිට යකා නගියි..කාටලය නොකැඩුවානම් අද ගෑසුත් නෑ
04:08
Video thumbnail
මහින්ද රාජපක්ෂ වෙනුවෙන් හාමුදුරුවරු එකතුවෙනවා
09:09
Video thumbnail
මනුස්සකමට හොඳම උදාහරණය දුන් මිරිස්වත්තේ පුවත.."ඔක්කොම සල්ලි හරිනේ..ඔන්න මං ගෙනත්ම දුන්නා"
06:55
Video thumbnail
මහින්ද රාජපක්ෂට අපහාස කරලා ආණ්ඩුව වැරදි තැනට අත තිබ්බේ
07:28
Video thumbnail
ජනාධිපතිතුමාගේ කතාව නිසා සජිත්ට රතු කට්ට පනී
06:25
Video thumbnail
14 දෙනෙක් එළොව යැවූ පස්සර බිහිසුණු බස් අනතුර..එදත් එතන ගල් අදත් ගල්, අනතුරක් වෙනකල්ද බලන් ඉන්නේ ?
07:28
Video thumbnail
මේ ආණ්ඩුව ජනතාවගෙන් සමාව ගන්න ඕනේ
07:04
Video thumbnail
ෂෙඩ් හිමියන්ට වැඩ වරදියි..ජනපතිගෙන් සැර කතාවක්..ලයිසන් කැන්සල් කරලා දාන්න
02:52
Video thumbnail
"මේක මහ විහිළුවක්නේ..මනෝ කිව්වේ නෑ.."ජනපතිගෙන් විපක්ෂයට සැර සත්තමක්
03:20
Video thumbnail
ඉන්ධන මිල වැඩි වෙයිද ? අඩු වෙයිද ? මෙන්න ජනපති කියයි..මිල ගණනය කරන්න ජනපති කිව්ව සරල සූත්‍රය
10:37