AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රේමය නිසා පෙම්වතියගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

යාපනය චුන්නාකම් තාවඩි ප්‍රදේශයේ නිවසකට ඊයේ එල්ල වූ පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයකින් එම නිවසේ සිටි පුද්ගලයින් 5 දෙනෙකු තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලිසිය පැවසූවේ අදාළ නිවසේ පදිංචිව සිටි මව, පියා, පිරිමි දරුවෙකු හා ගැහැණු දරුවන් දෙදෙනෙකු අදාළ සිදුවීමෙන් පිළිස්සුම් තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර ඇති බවයි.

විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අදාළ නිවසේ ගැහැණු ළමයෙකු උරුම්පිරායි ප්‍රදේශයේ තරුණයෙකු සමඟ පෙම් සබඳතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර, එහිදී ඇති වූ ආරවුලක් මත එම තරුණයා තම මිතුරු කණ්ඩායමක් සමඟ පැමිණ අදාළ නිවසට පහරදී ඇති බවයි.

නිවසට පහරදුන් පිරිස නිවස ඉදිරිපස නවතා තිබූ ත්‍රිරෝද රථයකට මෙන්ම නිවසේ දොර ජනෙල්වලට ද පහරදී ඇතැයි සඳහන්.

මෙම පහරදීමේ සිද්ධියට අදාළව තරුණයින් තුන් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් යාපනය මල්ලාකම් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධිය සම්බන්ධයෙන් චුන්නාකම් පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?