ප්‍රේමය ගිනි ගනියි – පෙම්වතිය ඝාතනයට ලක් වෙයි

හෝමාගම – උසාවිය පාරේ බෝඩිම් කාමරයක් තුළ දී තම පෙම්වතියට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය සඳහන් කළේ, මෙම ඝාතනය සිදු කර ඇත්තේ 32 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි.

ඊයේ අලුයම් කාලයේ දී කළුතර – නාගොඩ රෝහලට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා මෙම පුද්ගලයා පැමිණ තිබෙනවා.

නමුත් ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් රෝහල් වෛද්‍යවරියකට සැක සිතීම හේතුවෙන් ඇය විසින් එම පුද්ගලයා ගැන රෝහල් පොලිසියට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

පසුව සිදු කළ සොයා බැලීමක දියි මෙම පුද්ගලයා සිය පෙම්වතියව ඝාතනය කර ඇති බවට හෙළි ව ඇත්තේ.

ඉන් අනතුරුව සිදුවීම සම්බන්ධයෙන් එම සැකකරුව හෝමාගම පොලිසියට භාරදී ඇති අතර, ඔහු විසින් සිය පෙම්වතියව නැවතී සිටි නිවසේ උඩු මහලේ තිබූ කාමරයේ දී ඇයගේ ගෙල කපා ඝාතනය කර ඇති බවට සොයා ගැනුණා.

ඝාතනයට හේතුව ප්‍රේම සබඳතාවේ ඇති වූ ආරවුලක් බවටත් හෙළි ව ඇති බවයි වාර්තා වන්නේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
3
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22