ප්‍රියමාලිට එරෙහි නඩුවක් විභාගයට දින නියම වෙයි

2013 වසරේ පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබා ගෙන රුපියල් රුපියල් ලක්ෂ 80ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා එල්ල වී සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තියට එරෙහිව ගොනුකර තිබෙන නඩුව විභාගය සඳහා ජුනි මස 05 සහ 07 යන දිනවල කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (28) කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ ඉදිරියේ කැඳ වූ අවස්ථාවේ දී විත්තිකාර තිලිණි ප්‍රියමාලි නැමැත්තිය අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී ඇයගේ නීතිඥවරු සඳහන් කළේ මෙම නඩුව මුදල් ගෙවා සමථයකට පත්කිරීමේ හැකියාව පවතින බවයි.

එහෙත් අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා සඳහන් කළේ අද දින මුදල් ගෙවන බව සඳහන් කළ ද එවැනි වීමක් නොවන එයින් නඩුව විභාගය සඳහා දින නියම කරන ලෙසයි.

ඒ, අනුව නඩුව ජුනි මස 05 සහ 07 යන දිනවල විභාගයට ගැනීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා සමථයක් තිබේ නම් එදින අධිකරණයට දැනුම් දෙන ලෙසත් දෙපාර්ශවයේ නීතිඥවරුන්ට නියම කළා..

2013 වසරේ මාතර ප්‍රදේශයේ පදිංචි සමිත් අනුරුද්ධ නමැති පුද්ගලයෙකුගෙන් වාහනයක් ලබාගෙන වසා දමන ලද ගිණුමකින් චෙක්පතක් ලබා දී රුපියල් ලක්ෂ 80ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් තිලිණි ප්‍රියමාලිට එරෙහිව මෙම නඩුව ගොණුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?