AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රියංකර ජයරත්නට අධිචෝදනා භාරදෙයි

හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දෙනු ලැබුවා.

සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ රුපියල් 494,000ක මුදලක් හලාවත ප්‍රදේශයේ බැංකුවක ගිණුමකට බැරකෙන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිලධාරීන් පෙළඹවීම තුළින් දූෂණය නැමැති වරද සිදුකළ බවට මෙම චෝදනා ගොනු කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිරකරත්න මහතා ඉදිරියේ දී මෙම අධිචෝදනා භාරදීම අද (18) සිදුකෙරුණා.

අනතුරුව හිටපු අමාත්‍යවරයා රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප 02ක් මත මුදාහරිණ ලෙස විනිසුරුවරයා නියෝග කළේ.

අල්ලස් කොමිසම විසින් මෙම අධිචෝදනා ගොනුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?