ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස තවත් මන්ත්‍රීවරු පිරිසක් පත්වීම් ලබයි (ඡායාරූප)

තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපතිවරු ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් පසුගියදා සිය පත්වීම් ලිපි ලබාගත්තා.

අමාත්‍යවරුන් වන ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ප්‍රසන්න රණතුංග, මහින්ද අමරවීර,  නසීර් අහමඩ්,  විදුර වික්‍රමනායක, රාජ්‍ය අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, සිරිපාල ගම්ලත්, එස්. වියාලේන්ද්‍රන්, එස්. චන්ද්‍රකාන්තන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සහන් ප්‍රදීප්, ජනක බණ්ඩාර තෙන්නකෝන්, රෝහිත අබේගුණවර්ධන, කරුණාදාස කොඩිතුවක්කු, එස්.එම.චන්ද්‍රසේන, නාලක බණ්ඩාර කොට්ටෙගොඩ, පවිත්‍රා වන්නිආරච්චි, , නිපුන රණවක යන අය මෙලෙස පත්වීම් ලිපි ලබාගත් පිරිසට අයත්.

ගම්පහ, කළුතර, මාතලේ, නුවරඑළිය, ගාල්ල, මාතර, හම්බන්තොට, දිගාමඩුල්ල, ත්‍රිකුණාමලය, අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මොණරාගල, රත්නපුර, කෑගල්ල යන දිස්ත්‍රික්කවල පාර්ලිමේන්තු  මන්ත්‍රීවරු පිරිසකට ද  මීට පෙර අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන විසින් ප්‍රාදේශීය සංවර්ධන කමිටු සභාපති පත්වීම් ලිපි පිරිනමනු ලැබුවා.