”ඉෂාක්ට කෝටියක්” මුවාවෙන් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම විකුණා සල්ලි ගරලා

රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ ගායන ශිල්පී ඉෂාක් බෙග් මහතාට මූල්‍යම ආධාර ලබා ගැනීමට යැයි පවසමින් ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකුගේ නම භාවිත කරමින් විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකික පුද්ගලයන්ගෙන් වංචා සහගතව මුදල් ලබා ගැනීමට තැත් කළ බව කියන සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා මුල්ලේරියාව පොලිසියට නියෝග කර තිබෙනවා.

ප්‍රසිද්ධ මාධ්‍යවේදියෙකු විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට මුල්ලේරියාව පොලිසිය අද (30) කළ ඉල්ලීමත් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියෝග කළා.

කිසියම් පුද්ගලයකු තමන් අදාළ සුප්‍රසිද්ධ මාධ්‍යවේදියා බව පවසමින් විදෙස් රටක සේවයෙහි නියුතු අයකුට කතා කර රෝගී තත්ත්වයේ පසුවන ප්‍රවීණ ගායන ශිල්පි ඉෂාක් බෙක් මහතාට මූල්‍ය ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කෝටියක්” වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙස ඉල්ලා ඇති බවත් එම විදෙස් ජාතික ශ්‍රී ලාංකිකයකු තමන්ට ඒ බව දැනුම් දී ඇති බව අගතියට පත් පාර්ශ්වය පැමිණිල්ලේ සඳහන් වන බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

මෙම මාධ්‍යවේදියාගේ නම භාවිතා කරමින් කතා කළ සැකකාර පුද්ගලයා මුදල් බැර කිරීම සඳහා එම විදෙස්ගත ශ්‍රී ලාංකිකයාට ගිණුම් අංකයක් පවා ලබා දී ඇති ඇති බව ද පොලිසිය අධිකරණයට දැන්වූවා.

රෝගී තත්ත්වයෙන් පසුවන ඉෂාක් බෙග් මහතාට මූල්‍ය ආධාර එකතු කිරීම වෙනුවෙන් ආරම්භ කර ඇති “ඉෂාක්ට කොටියක්” වැඩසටහන සඳහා මූල්‍ය ආධාර ලබාදෙන ලෙසට තමන් කිසිවෙකුට දැනුම් දී නොමැති බවත් එවන් තත්ත්වයක් තුළ තමන්ගේ නම ව්‍යාජ ලෙස භාවිතා කරමින් කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් මූල්‍ය ජාවාරමක නිරතව සිටින බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදු කරන ලෙස අගතියට පත් පාර්ශ්වය එම පැමිණිල්ල මගින් වැඩිදුරටත් ඉල්ලා ඇති බව ද පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
22
+1
10
+1
4
+1
4
+1
2
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01
Video thumbnail
දරුවන්ට හොඳම දේ දෙන්න තමයි අපි මේ හැමදේම කරන්නේ
10:04
Video thumbnail
159ට විශ්‍රාම වැටුප් නැති කළාට අනුටර සැලියුට් කරනවා..මෙයාලා පුස්තකාල ළඟින්වත් ගිහින් නෑනේ
07:58


?