ප්‍රසිද්ධ නගරයක වෙළෙඳුන් රැසකට එරෙහිව, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධිකරණයට

හැටන් නගරය වෙතට පැමිණෙන පාරිභෝගිකයන්යන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත හැටන්, දික්ඔය නගරයේ ආපනශාලා මෙන්ම සිල්ලර සහ තොග වෙළඳසැල් රැසක්ම අද (01) උදෑසන හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නගරය තුළ අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය ආපනශාලා රැසකට එරෙහිම ලබන 12 වැනිදා අධිකරණයේදී නෛතික පියවර ගැනීමට කටයුතු සිදුකරන බව එම නිලධාරීන් පවසා සිටියා.

එමෙන්ම තොග සහ සිල්ලර වෙළදසැල් කිහිපයක්ද පරික්ෂාවට ලක් කළ අතර, එම වෙළඳසැල් තුළ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළඳාම් කිරීම, අපිරිසිදු ආකාරයෙන් ආහාර තොග එක්රැස් කිරිම සහ ප්‍රදර්ශණය කිරිම ඇතුළු චෝදනා රැසක් යටතේ එම වෙළෙඳුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වුණා.

පදික වේදිකාව අවහිරවන ලෙසට එළවලු අලෙවියේ නිරත වූ වෙළෙඳුන් කිහිපදෙනෙක්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45


?