ප්‍රසිද්ධ නගරයක වෙළෙඳුන් රැසකට එරෙහිව, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අධිකරණයට

හැටන් නගරය වෙතට පැමිණෙන පාරිභෝගිකයන්යන්ගෙන් ලද පැමිණිලි කිහිපයක් මත හැටන්, දික්ඔය නගරයේ ආපනශාලා මෙන්ම සිල්ලර සහ තොග වෙළඳසැල් රැසක්ම අද (01) උදෑසන හදිසි පරික්ෂාවට ලක් කිරීමට මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.

ඒ අනුව නගරය තුළ අපිරිසිදු ආකාරයෙන් පවත්වාගෙන ගිය ආපනශාලා රැසකට එරෙහිම ලබන 12 වැනිදා අධිකරණයේදී නෛතික පියවර ගැනීමට කටයුතු සිදුකරන බව එම නිලධාරීන් පවසා සිටියා.

එමෙන්ම තොග සහ සිල්ලර වෙළදසැල් කිහිපයක්ද පරික්ෂාවට ලක් කළ අතර, එම වෙළඳසැල් තුළ කල් ඉකුත් වූ ආහාර ද්‍රව්‍ය වෙළඳාම් කිරීම, අපිරිසිදු ආකාරයෙන් ආහාර තොග එක්රැස් කිරිම සහ ප්‍රදර්ශණය කිරිම ඇතුළු චෝදනා රැසක් යටතේ එම වෙළෙඳුන්ට එරෙහිවද නීතිය ක්‍රියාත්මක වුණා.

පදික වේදිකාව අවහිරවන ලෙසට එළවලු අලෙවියේ නිරත වූ වෙළෙඳුන් කිහිපදෙනෙක්ට එරෙහිව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට බලාපොරොත්තුවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46