ප්‍රශ්නය කවුරුන් විසින් ඇති කළත්; අපි උත්තර දෙනවා – අධ්‍යාපන ඇමති

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුද කවුරුන් විසින් ඇති කරනු ලැබුව ද, ඊට අදාළ විසඳුම් තමන් යටතේ ඇති අමාත්‍යාංශයෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ; වෙනත් පාර්ශ්වවලින් ඇති කළ අර්බුද වගකීම් භාරගත් වත්මන් නියෝජිතයින් වශයෙන් විසඳීමට තමන් කටයුතු කරන බවයි.

සිය අමාත්‍යාංශය තමන්ට හිමිවූයේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග තිබෙන පසුබිමක බවත්, ඒවාට ක්‍රමික ව විසඳුම් සපයමින් ඉදිරියට යාම සිය අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධ ව ද මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසනු ලැබූ අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; තමන් පත් වූ දා සිට ගුරුවරුන්ගේ ගටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් පිළිතුරු ලබා දුන් බවත්, ඉදිරියේ දී ඒමට නියමිත අයවැය හේතුවෙන් ගුරු වැටුප් විෂමතා සඳහා යම් සහනයක් ලබාදීමට යෝජනා කර ඇති බවයි.

නමුත් ඒ සියල්ලම සිදු වන්නේ රටේ භාණ්ඩාගාරයේ ඇති මූල්‍ය තත්ත්වය මත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත්; ඊට අනවශ්‍ය අයුරින් කලබල වීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්ත්වය නිසා කිසියම් පාර්ශ්වයකට අගතියක් හෝ අපහසුවක් වී නම්; ඒ පිළිබඳ තම කනස්සල්ල පළ කරන බවත්;
හෙතෙම කියා සිටියා.

ඉදිරි සතියේ දී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට තමන් අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
00:00
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07
Video thumbnail
වව්නියාවේ මාස ගණනාවක් පැවති නියඟය හමාර කරමින් අධික වර්ෂාව ඇඳ හැලෙයි
00:45
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15