Empty Ad
AFC Banner
Empty Ad

ප්‍රශ්නය කවුරුන් විසින් ඇති කළත්; අපි උත්තර දෙනවා – අධ්‍යාපන ඇමති

රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් හටගෙන ඇති අර්බුද කවුරුන් විසින් ඇති කරනු ලැබුව ද, ඊට අදාළ විසඳුම් තමන් යටතේ ඇති අමාත්‍යාංශයෙන් ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ; වෙනත් පාර්ශ්වවලින් ඇති කළ අර්බුද වගකීම් භාරගත් වත්මන් නියෝජිතයින් වශයෙන් විසඳීමට තමන් කටයුතු කරන බවයි.

සිය අමාත්‍යාංශය තමන්ට හිමිවූයේ අධ්‍යාපනික ක්ෂේත්‍රයේ දැවැන්ත අභියෝග තිබෙන පසුබිමක බවත්, ඒවාට ක්‍රමික ව විසඳුම් සපයමින් ඉදිරියට යාම සිය අරමුණ බවත් හෙතෙම පෙන්වා දුන්නා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින්.

පසුගියදා ඇති වූ ගුරු විදුහල්පතිවරුන්ගේ උද්ඝෝෂණය මර්දනය කිරීම සම්බන්ධ ව ද මෙහිදී මාධ්‍යවේදීන් විසින් කරන විමසනු ලැබූ අවස්ථාවේ දී අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ; තමන් පත් වූ දා සිට ගුරුවරුන්ගේ ගටලු සම්බන්ධයෙන් සාකච්ඡා මාර්ගයෙන් පිළිතුරු ලබා දුන් බවත්, ඉදිරියේ දී ඒමට නියමිත අයවැය හේතුවෙන් ගුරු වැටුප් විෂමතා සඳහා යම් සහනයක් ලබාදීමට යෝජනා කර ඇති බවයි.

නමුත් ඒ සියල්ලම සිදු වන්නේ රටේ භාණ්ඩාගාරයේ ඇති මූල්‍ය තත්ත්වය මත බව ද අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

වෘත්තීය සමිති ස්වකීය සාමාජිකයන් වෙනුවෙන් ඉල්ලීම් කිරීම සාමාන්‍ය ස්වභාවය බවත්; ඊට අනවශ්‍ය අයුරින් කලබල වීම නිෂ්ඵල බවත්, තමා අධ්‍යාපන සමුළුවකට විදේශගතව සිටි මොහොතේ ඇති වූ එම තත්ත්වය නිසා කිසියම් පාර්ශ්වයකට අගතියක් හෝ අපහසුවක් වී නම්; ඒ පිළිබඳ තම කනස්සල්ල පළ කරන බවත්;
හෙතෙම කියා සිටියා.

ඉදිරි සතියේ දී එම වෘත්තීය සමිති කණ්ඩායම් හමුවීමට තමන් අපේක්ෂා කරන බවයි අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
BREAKING NEWS 🔴
01:30
Video thumbnail
පුටුව ලකුණ ආණ්ඩුවට රිදෙන්න දීපු හැටි
05:57
Video thumbnail
මෛත්‍රීපාල සිරිසේනගේ සායම යවපු මහ ලේකම්
04:51
Video thumbnail
මාලිමා ආණ්ඩුව නිල නිවාස වහලා දාලා - ඒ නිල නිවාස ඔක්කොම වේයෝ කාලා
07:25
Video thumbnail
PRAHARAYA | පොදුජන එක්සත් පෙරමුණේ මහ ලේකම් ලසන්ත අලගියවන්න සහභාගිවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන
01:28:02
Video thumbnail
මන්ත්‍රීගේ බස් එක පාරේ යකා නටද්දී පොලිස් නිලධාරිණිය ඩ්‍රයිවර්ගේ කට වැහෙන්න කියපු සුපිරි කතාව
03:56
Video thumbnail
චාමරව හිරේ දැම්මේ බදුල්ලේ සමන්තද ? පක්ෂයේ ප්‍රබලයෝ කියපු කතාව
07:05
Video thumbnail
06 වෙනිදා වෙද්දී අන්වීක්ෂයක් හොයාගන්න - නියෝජ්‍ය ඇමති කියපු සැර කතා ටික
12:50
Video thumbnail
හිස් පුටු ගොඩකට අමතපු සජිත් ප්‍රේමදාස
06:57
Video thumbnail
නාමල් ආණ්ඩුවට සීරුවෙන් ඉඳගෙන අමතයි - කෑ ගහන අයව හිරේ දාන්න නම් දන්නවා
03:28

?