චිකුන්ගුන්යා හෝ ඒ හා සමාන වෛරසයක් මේ දිනවල පැතිර යමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ මේ වනවිට වාර්තාවන චිකුන්ගුන්යා රෝගීන්ට වඩා වැඩි සංඛ්‍යාවක් සිටිය හැකි බවයි.
චිකුන්ගුන්යා රෝහය මදුරුවන් මඟින් බෝවන රෝගයක් හේතුවෙන් මෙම රෝගය පාලනය කිරීම සඳහා මදුරු ඝනත්වය පාලන කර ගැනීම සඳහා මහජනතාව සැලකිලිමත් විය යුතු බවයි සභාපතිවරයා පවසන්නේ.
එමෙන්ම ස්වසන පද්ධතිය ආශ්‍රිත මේ දිනවල පැතිර යන අනෙකුත් වෛරස් අසාදනවලින් ආරක්ෂාවීම සඳහා මහජනතාව සැළකිලිමත්ව කටයුතු කරන ලෙසයි සභාපතිවරයා දැනුම් දෙන්නේ.
ඒ, අනුව පෞද්ගලික ස්වස්ථතාව පවත්වාගැනීම තුළින් එම වෛරස් අසාදනවලින් බේරී සිටීමට හැකි බව සඳහන් කළ සභාපතිවරයා තමන්ට එම රෝග ලක්ෂණ ඇත්නම් අවශ්‍ය වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීම කටයුතු කරන ලෙසත් දැනුම් දෙනවා.