ප්‍රවීන රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීන රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා අද (20) අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කලක සිට ඔහු රෝගාතුරව පසු වුණා.

ප්‍රවීන රංගන ශිල්පී ඇල්ෆ්‍රඩ් පෙරේරා රසික හදවත් දිනාගත් විශාල ටෙලිනාට්‍ය රැසකට රංගනයෙන් දායක වී තිබෙනවා.

දළුගම පිහිටි නිවසේ දී ඔහු මෙලෙස අභාවප්‍රාප්ත වන විට 95 වන වියේ පසු වුණා.