AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රය මනා හඬ පෞරුෂයකින් සුපෝෂණය කළ ප්‍රවීණ ගායන ශිල්පී අනිල් භාරතී මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (22) දහවල් ඒ මහතා අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

දිගු කලෙක සිට අසනීප තත්ත්වයෙන් පසු වූ ඒ මහතා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදියි මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත්තේ.

1950 වර්ෂයේ දී මෙලොව එළිය දුටු මේ විශිෂ්ටයා අභාවප්‍රාප්ත වන විට වයස අවුරුදු 75 සම්පූර්ණ වීමට ආසන්නයේ සිටියා.

ශ්‍රී ලංකා ගුවන් විදෙස් ස්ථානයේ අධ්‍යක්ෂ ධුරයක් ද දරා ඇති අනිල් භාරතී මහතා දශක පහකට අධික කාලයක් ශ්‍රී ලංකා ගුවන් විදුලියේ සේවය කර ඇති චරිතයක්.

ගීත කලාවට අමතරව ප්‍රවෘත්ති නිවේදකයෙකු, වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු ලෙස ද ඔහු මනා සේවයක් මාධ්‍ය ක්ෂේත්‍රයෙන් ද ඉටු කළා.

මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදි ශිෂ්‍යයෙකු වන අනිල් භාරතී මහතා මෙරට ජනප්‍රිය තලයේ ගීත රැසක් ගායනා කළ උරුමක්කාරයෙක්.

අනිල් භාරතී කලාකරුවා ගායනය කළ ජනප්‍රිය ගීත අතර ” මා ආදරෙයි නංගියේ, හිරු ඉපදෙන විට, බෙත්ලෙහෙම්පුර, ටිකිරි මලී පාසල් යන” ආදී ගීත ජනප්‍රිය වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
35
+1
3
+1
0
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?