ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අවසන් කිරීමට අවස්ථාව සලසන බව ජනපති කියයි

අධ්‍යයන කටයුතු ආරම්භයේ දී මෙරට විශ්වවිද්‍යාල පද්ධතියේ පවතින ප්‍රමාදය වළක්වා සිසුන්ට නියමිත කාලය තුළ අධ්‍යාපන කටයුතු අවසන් කිරීමට අවස්ථාව සලසා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමඟ ඊයේ (22) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

විද්‍යාලයේ කටයුතු මෙන්ම රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ තත්ත්වයන් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් රජය ගෙන ඇති පියවර පිළිබඳ සිසුන් නැඟු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා පිළිතුරු ලබා දුන්නා.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය පිළිබඳව සිසුන්ගෙන් කරුණු විමසූ ජනාධිපතිවරයා එහිදී ඔවුන් පවසා සිටියේ විදේශීය උසස් අධ්‍යාපනයේ උපාධියක් ලබා ගැනීමට ගතවන කාලය සහ දේශීය විශ්වවිද්‍යාලයක ගතවන කාලය අතර දැඩි වෙනසක් ඇති බවයි.

එය පිළිගත් ජනාධිපතිවරයා සදහන් කළේ ඒ පිළිබඳව විධිමත් පිළියමක් නුදුරේදීම යෙදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම විදෙස් අධ්‍යාපනයට වඩා දේශීය විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයේ ඇති වටිනාකම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාසල් අධ්‍යාපනය නිමාකර උසස් අධ්‍යාපන සුදුසුකම් ලබන සිසුන්ගේ අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමට රජය පියවර රැසක් ගෙන ඇති බවත් සඳහන් කළා.

කුරුණෑගල සහ මඩකලපුව ඇතුළු නව විශ්වවිද්‍යාල කිහිපයක් කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම කොළඹ විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨය වෙනම මණ්ඩපයක් බවට පත් කිරීමටත්, ජාතික ව්‍යාපාර කළමනාකරණ පාසල ( NSBM) හා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය (SLIIT) යන පෞද්ගලික විශ්වවිද්‍යාලවලට ජාතික විශ්වවිද්‍යාල සුදුසුකම ලබාදීමට ඇති අවස්ථාව පිළිබඳ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

විශ්වවිද්‍යාල නවක වදය පිළිබඳව මෙහිදී සිසුන්ගෙන් විමසු ජනාධිපතිවරයා සඳහන් කළේ රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය ආදී කොළඹ පාසල්වලින් වාර්ෂිකව විශ්වවිද්‍යාල සඳහා වැඩි සිසුන් පිරිසක් ඇතුළත් වූ නමුත් නවක වදය ක්‍රියාත්මක වීමේදී ඔවුන් ඒ පිළිබඳව නිහඬතාවක සිටින අයුරු පෙනී යන බවයි.

එම පාසල්වලට නවක වදය වැළැක්වීම සම්බන්ධයෙන් යුතුකමක් ඇති බවත් ඒ වෙනුවෙන් පාසල් ප්‍රධාන ශිෂ්‍ය නායකයන්ට පාසල් කාලයේ සිටම යම් වගකීම් සහගත කාර්යයක් ඉටුකළ හැකි බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විශ්වවිද්‍යාල අධ්‍යාපනය ඉතා සුන්දර බවත්, නවක වදය හේතුවෙන් සිසුන් කායික හා මානසික පීඩාවලට ලක්වන තත්ත්වය ඉහළ ගොස් ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා ඒ සඳහා වන විසඳුම් ඉදිරිපත් කිරීමට තමන් කටයුතු කරන බව අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පා.ම රාමනාදන් අර්චුනා සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
01:13:02
Video thumbnail
හතුරන්ගේ හතුරෝ මගේ යාළුවෝ - මුන්ව නැතිකරලා දාන්න තමයි මම පොහොට්ටු වේදිකාවට නැග්ගේ
05:18
Video thumbnail
මෝටර් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ බිහිසුණු අනතුර
01:31
Video thumbnail
මගේ අයියත් මේ ආණ්ඩුවට සල්ලි දුන්නා - නඩු දාන්න කියන්න මම ඔප්පු කරන්නම්
03:24
Video thumbnail
උතුරේ මිනිස්සු ආයේ යුද්දේකට එන්නේ නෑ - අවුරුදු 40ක් ඇතිවෙන්නම කාලා තියෙනවා
04:47
Video thumbnail
නාමල්ගේ අම්මව හිරේ දැම්මා කියලා ත්‍රීවීල් දුවන කෙනාගේ බඩ පිරෙන්නේ නෑ
05:57
Video thumbnail
මම කොටියෙක් නෙමෙයි, අනුර මාව හිරේ දාන්නමයි බලන්නේ
06:14
Video thumbnail
රු 1000ක් අරගෙන මම පාර්ලිමේන්තුවේ ආතල් දුන්නා
04:06
Video thumbnail
නාමල් ජනාධිපති වුණොත් මම ඇමතිකමක් ඉල්ලනවා
05:26
Video thumbnail
මම සිංහල ජනතාවට කවදාවත් අත දික්කරන්නේ නෑ
03:46