spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රබල ආර්ජන්ටිනාව සුපිරි 16 වටයේ බලාපොරොත්තු රඳවා ගනී

පාපන්දු ලෝක කුසලාන තරගවලියේ තමන් සහභාගී වූ පළමු තරගය පරාජයට පත් වූ ලියනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආර්ජන්ටිනා කණ්ඩායම ය යළිත් ජයග්‍රාහී මාවත සොයා ගන්නට ඊයේ හැකියාව ලැබුණා.

ඒ, ඊයේ (26) මෙක්සිකෝව සමඟ පැවති තරගය ගෝල දෙකට බිංදුවක් ලෙස ජය ගැනීමත් සමඟයි.

ඒ, අනුව මෙක්සිකෝව පරාජයට පත් කළ ආර්ජන්ටිනාව සුපිරි 16 දෙනාගේ වටයේ බලාපොරොත්තු රඳවා ගන්නට සමත් වුණා.

මෙහිදී ආර්ජන්ටිනාව වෙනුවෙන් නායක ලියනල් මෙසී සහ එන්සෝ ෆර්නැන්ඩස් ගෝල රැස්කළා.

මේ අතර පළමු තරගයේ දී ප්‍රබල ආර්ජන්ටිනාව පරාජයට පත් කළ සෞදි අරාබිය ඊයේ (26) පෝලන්ත කණ්ඩායම හමුවේ පරාජයට පත් වුණා.

එහිදී පෝලන්ත කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ ගෝල දෙකට බිංදුවක් ලෙසයි.

එමෙන්ම තරගාවලියේ තවත් තරග දෙකක් ඊයේ දිනයේ පවතී අතර එහිදී ටියුනීසියාව සමඟ පැවති තරගය ගෝල එකට බිංදුවක් ලෙස ඕස්ට්‍රේලියාව ජයගත් අතර, ඩෙන්මාර්කය සමඟ පැවති තරගයෙන් ප්‍රංශය ජය වාර්තා කළා.

ඩෙන්මාර්කය පරදා ප්‍රංශය මෙඅ තරගය ජය ගත්තේ ගෝල දෙකට එකක් ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?