ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ගැන අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ; ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් මෙම නිවේදනය නිකුත් කර තිබුණා.

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම, ඌව සහ වයඹ පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීම් වැඩි වීමේ හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ඇති විය හැකියි

අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය මෙතැනින්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?