AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සිව්දෙනාගේ ආර්ථික ප්‍රතිපත්ති ගැන විවාදයක්

ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් සිව්දෙනාගේ ප්‍රමුඛ ආර්ථික ප්‍රතිපත්ති විශේෂඥයින් සහභාගී වන ‘දැක්ම නිර්වචනය කිරීම’ නමින් විවාදයක් ලංකා වාණිජ මණ්ඩලය විසින් සංවිධානය කර තිබෙනවා.

මෙම විවාද අගෝස්තු 29 වනදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතයි.

මෙම විවාදය සදහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සජිත් ප්‍රේමදාස වෙනුවෙන් ආචාර්ය හර්ෂ ද සිල්වා, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම, නාමල් රාජපක්ෂ වෙනුවෙන් මහාචාර්ය රංජිත් බණ්ඩාර ද සහභාගී වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ජනාධිපතිවරණයට පෙර එක් එක් අපේක්ෂකයින්ගේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිඥාවන් පිළිබඳ පුළුල් දළ විශ්ලේෂණයක් සැපයීම මෙහි අරමුණ වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?