ප්‍රදේශ කිහිපයකට පස්වරු 02න් පසු තද වැසි

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මි. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් එම නිවේදනයේ සඳහන්.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේ දී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27
Video thumbnail
ලංකාවේ King Cobra අනුර කුමාර - කට ඇරියොත් නයි අරිනවා
03:16
Video thumbnail
අද අපි අනාථ වෙලා - අපි නාකි වෙනවා
04:36
Video thumbnail
ගාමිණි දිසානායක ගුණ සැමරුමේ දී සජිත් සංවේදී වෙයි
03:19