AFC Banner
Empty Ad

ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් – බදුල්ල – පස්සර සහ ඇල්ල – වැල්ලවාය මාර්ග ගැනත් දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල – පස්සර මාර්ගය සහ ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිතයේ දී විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇත්තේ.

අදියර 1 යටතේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (15) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?