ප්‍රදේශ කිහිපයකට නායයාමේ අනතුරු ඇඟවීම් – බදුල්ල – පස්සර සහ ඇල්ල – වැල්ලවාය මාර්ග ගැනත් දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ, බදුල්ල – පස්සර මාර්ගය සහ ඇල්ල – වැල්ලවාය මාර්ගය භාවිතයේ දී විමසිලිමත් වන ලෙස ආපදා කළමණාකරන මධ්‍යස්ථානය රියදුරන්ට දැනුම් දෙනවා.

මේ අතර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් ප්‍රදේශ කිහිපයකට නාය යාමේ අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර තිබෙනවා.

ඒ, අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ ඇල්ල, පස්සර, හාලිඇල, හපුතලේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලටත්, මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර, පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසවලටත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේ රිදීගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨසයටත්, මාතලේ දිස්ත්‍රික්කයේ අඹන්ගහ කෝරළය, රත්තොට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහායි මෙම අනතුරු ඇඟවීම් නිවේදන නිකුත්කර ඇත්තේ.

අදියර 1 යටතේ නිකුත් කර ඇති මෙම අනතුරු ඇඟවීමේ නිවේදන අද (15) පස්වරු 4.00 දක්වා බල පැවැත්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
25ස් හැවිරිදී තරුණයෙකු එළොව යැවූ බිහිසුණු අනතුර
00:38
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු
01:10
Video thumbnail
අත්තිඩියේදී කාර් රථයක් හදිසියේම ගිනිගන්නා අයුරු - දෙවියනේ..මහ ගින්නක්
01:24
Video thumbnail
"කරුණාකරලා යන්න.. මෙතන ඉන්න එපා.. මොන එහෙකටද ඇම්බියුලන්ස් ගෙන්නුවේ."
01:09
Video thumbnail
ඇම්බියුලන්ස් එකක් නිසා සජිත්ට යකා නගියි - ඇයි අර ඇම්බියුලන්ස්..කරුණාකරලා යන්න ඉස්පිරිතාලෙට
02:25
Video thumbnail
නංගිව පෙන්නලා ආච්චිව දෙන්නයි යන්නේ..ආච්චි භයානකයි..රනිල් කවුද? අනිල් කවුද?
02:37
Video thumbnail
හිමි නමක් කොට්ටහච්චිට දෙසයි - පාස්පෝට් එකක් අරගෙන ගිහින් උගන්ඩාවේ සල්ලි අරන් එන්ඩ...?
03:21
Video thumbnail
ජිනානන්ද හිමිගෙන් ආණ්ඩුවට චෝදනා - පැලවත්තේ කල්ලිය රටට එරෙහි කුමන්ත්‍රණයක් කරනවා ?
01:38
Video thumbnail
පිරිසිදු ජල සිහිනය සිහිනයක්ම නොවෙන්න දුන් සජිත් ප්‍රේමදාස - ගොඩක් පින් සිද්ධවෙනවා..උතුම් වැඩක්
03:38
Video thumbnail
අනුර සහෝදරයෝ පාස්පෝට් එක දීලා කොට්ටහච්චිව යවන්න සල්ලි ගේන්න උගණ්ඩාවට..
00:22