ප්‍රථිඵල නිකුත්වූ උසස් පෙළ සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

ඊයේ (28) දිනයේ උසස් පෙළ ප්‍රථිඵල නිකුත්වූණා. උසස් පෙළ සිසුන්ගෙන් නැවත දෙවෙනි වර විභාගයට පෙනී සිටීමට අපේක්ෂා කරන සිසුන්ට විභාග දෙපාර්තමේන්තුව දැනුම් දීමක් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ එම සිසුන් සඳහා බ්‍රහස්පතින්දා (01) සිට සැප්තැම්බර් 8වනදා දක්වා සතියක කාලය තුළ නැවත විභාගයට අයදුම් කළ හැකි බවයි.

මාර්ගගත ක්‍රමය ඔස්සේ විභාගයට අයදුම් කිරීමට හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. තවද විභාගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් වෙතොත් 0112-784208,0112-785413 හෝ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1911ට අමතා තොරතුරු ලබා ගැනිමට හැකි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?