ප්‍රකෝටිපති එලෝන් මස්ක් ව පිටුවහල් කරයි ද? – ට්‍රම්ප්ගෙන් අනාවරණයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් අතර ඇති ආරවුල මේ වනවිට දිනෙන් දින තීව්‍ර වෙමින් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් විසින් ඉදිරියේ දී එලෝන් මස්ක්ව පිටුවහල් කිරීමේ සැලසුමක් ඇති බවට හෙළි වන බවයි.

කෙසේ වෙතත් මෙම පැතිර යන ආරංචිය ගැන ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබෙනවා.

ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, බදු සහන සහ වියදම් කප්පාදු පනත නීතියක් බවට පත් වුවහොත් එලොන් මස්ක්ට විදුලි වාහන සහනාධාරවලට වඩා බොහෝ දේ අහිමි විය හැකි බවයි.

ටෙස්ලා හිමිකරු මෙන්ම ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් ව අමෙරිකාවෙන් පිටුවහල් කිරීම පිළිබඳ ප්‍රශ්නයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (01) ප්‍රතිචාර දැක්වූයේ හිටපු මිත්‍ර පාක්ෂිකයින් දෙදෙනා අතර ආරවුල යළිත් ඇවිළෙන විටදීය.

ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ;

“මම දන්නේ නැහැ, අපි ඒ ගැන සොයා බැලිය යුතුයි, අපිට එලොන්ට DOGE දාන්න වෙයි” ට්‍රම්ප් ෆ්ලොරිඩාවට යන ගමනක් සඳහා ධවල මන්දිරයෙන් පිටත්ව යන අතරතුර වාර්තාකරුවන්ට පැවසූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළා.

DOGE යනු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවයි.

ජනාධිපති ධුරයට දිවුරුම් දීමෙන් පසු, ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීම සඳහා මස්ක්ට DOGE භාර දුන් අතර පසුව ට්‍රම්ප් සහ මස්ක් අතර හටගත් ආරවුල්කාරීත්වය මත මස්ක් ඉන් ඉවත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටලු රැසක් චමල් හෙළිකරයි - භාණ්ඩාගරයේ සල්ලි තිබුණට වෛද්‍ය සැපයුම් ඒකකය අසමත්
15:20
Video thumbnail
කොළඹට ඇදහැලුණු මහ වැස්ස - ප්‍රදේශ රැසක් ජලයෙන් යටවෙයි
01:57
Video thumbnail
වාරිමාර්ග දෙපාර්තමේන්තුවෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක් - ගතවූ කාලයේ මිලිමීටර 200ක වර්ෂාපතනයක්
09:06
Video thumbnail
මහ ජල ගඟෙන් වැහුණ වාද්දුව නගරය - වෙළෙඳසැල් කිහිපයක් ජලයෙන් යටවෙයි
01:25
Video thumbnail
රටට සුබයි කිව්වා..මේ වගේ අසුබ කාලයක් තේ ගොවියට ලැබිලා නෑ - ආණ්ඩුවට දැඩි චෝදනාවක්
13:53
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50