අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් අතර ඇති ආරවුල මේ වනවිට දිනෙන් දින තීව්ර වෙමින් තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් විසින් ඉදිරියේ දී එලෝන් මස්ක්ව පිටුවහල් කිරීමේ සැලසුමක් ඇති බවට හෙළි වන බවයි.
කෙසේ වෙතත් මෙම පැතිර යන ආරංචිය ගැන ට්‍රම්ප් ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබෙනවා.
ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, බදු සහන සහ වියදම් කප්පාදු පනත නීතියක් බවට පත් වුවහොත් එලොන් මස්ක්ට විදුලි වාහන සහනාධාරවලට වඩා බොහෝ දේ අහිමි විය හැකි බවයි.
ටෙස්ලා හිමිකරු මෙන්ම ප්‍රකෝටිපතියෙකු වන එලොන් මස්ක් ව අමෙරිකාවෙන් පිටුවහල් කිරීම පිළිබඳ ප්‍රශ්නයකට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අද (01) ප්‍රතිචාර දැක්වූයේ හිටපු මිත්‍ර පාක්ෂිකයින් දෙදෙනා අතර ආරවුල යළිත් ඇවිළෙන විටදීය.
ට්‍රම්ප් වැඩිදුරටත් පවසා ඇත්තේ;
“මම දන්නේ නැහැ, අපි ඒ ගැන සොයා බැලිය යුතුයි, අපිට එලොන්ට DOGE දාන්න වෙයි” ට්‍රම්ප් ෆ්ලොරිඩාවට යන ගමනක් සඳහා ධවල මන්දිරයෙන් පිටත්ව යන අතරතුර වාර්තාකරුවන්ට පැවසූ බව ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කළා.
DOGE යනු රජයේ කාර්යක්ෂමතා දෙපාර්තමේන්තුවයි.
ජනාධිපති ධුරයට දිවුරුම් දීමෙන් පසු, ට්‍රම්ප් රජයේ වියදම් කපා හැරීම සඳහා මස්ක්ට DOGE භාර දුන් අතර පසුව ට්‍රම්ප් සහ මස්ක් අතර හටගත් ආරවුල්කාරීත්වය මත මස්ක් ඉන් ඉවත් වුණා.




