ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට ප්‍රහාරයක් – අපරාධකරුවෙක් මුදාගෙන පළායයි

ආයුධ සන්නද්ධ පිරිසක් ප්‍රංශ බන්ධනාගාර වෑන් රථයකට වෙඩි තබා නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කර සිරකරුවෙක් මුදාගෙන තිබෙනවා.

උතුරු ප්‍රංශයේ නෝමැන්ඩි හි රූඕන් නගරයේ අධිවේගී මාර්ගයක පිවිසුම අසල දී මෙම ප්‍රහාරය එල්ල වූණා.

බන්ධනාගාර වෑන් රථය ගාස්තු ගෙවා ඉදිරියට පැමිණෙන අවස්ථාවේ මෝටර් රථයක් එහි ගැටෙන්නට සලස්වා ඉන් පිටතට පැමිණෙන තුවක්කුකරුවන් වෑන් රථය දෙසට වෙඩි තබන අයුරු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණා.

මෙහිදී බන්ධනාගාර නිලධාරීන් භාරයේ සිටි සිරකරුවෙක් තුවක්කුකරුවන් විසින් මුදාගෙන තිබෙනවා.

වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙක් මිය ගිය අතර, තවත් දෙදෙනෙක් තුවාල ලැබුවා.

පළා ගිය අපරාධකරුවන් සොයා ප්‍රංශ පොලිසිය හා ආරක්ෂක අංශය සිය ගණනක පිරිසක් විශේෂ සෝදිසි මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.

ප්‍රහාරය එල්ල වී ඇත්තේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කර යළි බන්ධනාගාරය වෙත රැගෙන එමින් සිටියදීයි.

පළා ගිය රැඳවියා 1994 වසරේ උපන් මොහොමඩ් අම්රා ලෙස හඳුනා ගෙන ඇති අතර, ඔහු මැයි 10 වැනිදා ⁣සිදු වූ සොරකමකට අදාළව වරදකරු වී ඇති අතර පුද්ගලයෙක් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ද ඔහුට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබෙනවා.

කෙසේ වෙතත් අම්රා දරුණු ගණයේ අපරාධකරුවකු ලෙස සැලකූ අයෙක් නොවන බව ප්‍රංශ බලධාරීන් පවසනවා.

ප්‍රංශ පාර්ලිමේන්තුවේ දී විනාඩියක නිශ්ශබ්දතාවක් ආරක්ෂා කරමින් මෙම සිද්ධියෙන් විපතට පත් නිලධාරීන් සිහිපත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කපිලව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂකගේ කාමරයට ගිහින් ප්‍රකාශ බලෙන් ලබාගෙන ?..නීතිඥයෙක් සියල්ල හෙළිකරයි
03:05
Video thumbnail
වැඩි මිලට පෙට්‍රල් සහ ඩීසල් විකිණූ පුද්ගලයෙක් අත්අඩංගුවට
00:43
Video thumbnail
ඊශ්‍රායලය ගැන ට්‍රම්ප් කුපිත වෙයි - ලෝකයම අමාරුවේ දාන ගෑස් නිධි ප්‍රහාර
07:41
Video thumbnail
ඔයාලා එදා හිනා වුණානේ - ඕක තමයි දෛවයේ සරදම
04:46
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
මුජිබුර් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31