ප්‍රංශ අගමැති සෙබස්තියන් ලෙකෝර්නු ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.
ෆ්‍රැන්කොයිස් බයිරූගේ පෙර රජය බිඳ වැටීමෙන් පසුව සෙබස්තියන් ලෙකෝර්නු අගමැති ධුරයට පත් වී දින 26 කට පසුවයි ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස් වී ඇත්තේ.
ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සහ සෙබස්තියන් ලෙකෝර්නු අතර අද උදෑසන සිදුවූ පැයක පමණ හමුවකින් අනතුරුව මෙම තීරණය එලිසී මාළිගය විසින් නිවේදනය කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
හිටපු සන්නද්ධ හමුදා අමාත්‍යවරයෙකු සහ මැක්‍රොන් පක්ෂපාතීයෙකු වන සෙබස්තියන් ලෙකෝර්නු වසර දෙකකට අඩු කාලයක් තුළ ප්‍රංශයේ පත්වූ පස්වන අගමැතිවරයා වුණා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





