AFC Banner
AFC Banner
Empty Ad

ප්‍රංශයේ භූ චලනයක්

ප්‍රංශයේ රිච්ටර් මාපකයේ 4.8ක භූමිකම්පාවක් ඇති වූ බව භූ විද්‍යාව පිළිබඳ ජර්මානු පර්යේෂණ මධ්‍යස්ථානය පවසනවා.

භූමිකම්පාවේ අපකේන්ද්‍රය බටහිර ප්‍රංශයේ Charente-Maritime කලාපයේ කිලෝමීටර් 10ක් ගැඹුරින් පැවති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූමිකම්පාවෙන් ගොඩනැගිලි කිහිපයකට හානි සිදුවී ඇති අතර විදුලි ඇනහිටීම් ද සිදුවී ඇති බව සඳහන්.

ප්‍රංශයේ පරිසර විද්‍යා අමාත්‍යවරයාට අනුව මෙම කම්පනය ප්‍රධාන භූමියේ මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම භූමිකම්පාවලින් එකක් ලෙසටයි සැලකෙන්නේ.

මේ හා සමාන ප්‍රබලතාවයකින් යුත් අවසන් භූමිකම්පාව 2000 ගණන්වල මුල් භාගයේදී සිදු වූ බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?