AFC Banner
Empty Ad
Empty Ad

ප්‍රංශයේ දී ලොවට පෙන්වූ ඉන්දීය යුද ශක්තිය

ප්‍රංශයේ පැවැත්වෙන ‘යුරෝසැටරි-2024’ ආරක්ෂක ප්‍රදර්ශනයට රාජ්‍ය සහ පෞද්ගලික යන දෙඅංශයම නියෝජනය කරමින් ඉන්දීය ආරක්ෂක අංශයේ සමාගම් සහභාගී වී සිටිනවා.

Pinaka මල්ටි බැරල් රොකට් විදින පද්ධතිය සහ LCA Tejas ප්‍රහාරක ගුවන් යානා වැනි ඉන්දියානු නිෂ්පාදන මෙහිදී ප්‍රදර්ශනය කෙරෙනවා.

ප්‍රදර්ශනයේ ඉන්දියානු මණ්ඩපය ප්‍රංශයේ ඉන්දීය තානාපති ජාවෙඩ් අෂ්රෆ් විසින් විවෘත කරනු ලැබුවා.

ඉන්දියානු සමාගම් රැසක් එක්වන ප්‍රදර්ශනයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින් ආරක්ෂක පර්යේෂණ සහ සංවර්ධන සංවිධානයේ (DRDO) ප්‍රධාන ආරක්ෂක තාක්ෂණයන් සහ නිෂ්පාදන 11ක් ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා.

ඉන්දියාව විසින් දැනටමත් මිත්‍රශීලී විදේශ රටකට අපනයනය කර ඇති Pinaka මල්ටි බැරල් රොකට් විදින පද්ධතිය ඉන්දියානු පාර්ශ්වයේ ප්‍රධාන ආකර්ෂණයන්ගෙන් එකක්.

DRDO විසින් Airborne Early Warning and Control System, LCA Tejas, Astra මිසයිල සහ ඉතා සාර්ථක Akash ගුවන් ආරක්ෂක පද්ධතිය ද ප්‍රදර්ශනයට එක් කරනු ලැබ තිබෙනවා.

යුරෝසැටරි-2024 ප්‍රංශයේ පැරිස් නුවර පැවැත්වෙන අතර එය යුරෝපයේ විශාලතම ආරක්ෂක සංදර්ශනවලින් එකක්.

මෙම සංදර්ශනය පැවැත්වෙන්නේ දැනට පවතින රුසියානු – යුක්රේන ගැටුම හමුවේ එම කලාපයේ සියලුම රටවල් පාහේ තම ආරක්ෂක වියදම් පුළුල් කිරීමට අපේක්ෂා කරන මොහොතකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?