AFC Banner
AFC Banner
Empty Ad

පළාත් සංචරණ සීමා ගැන දැනුම්දීමක්

නිරෝධායන නීති උල්ලංඝණය කිරීමේ චෝදනා මත ඊයේ දිනයේදී පුද්ගලයන් 149 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසනවා.

මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් සංඛ්‍යාව පනස් දෙදහස ඉක්මවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

නිරෝධායන නීති කඩන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.

නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ දිනයේ සිට මේ දක්වා සැකකරුවන් හතලිස් හය දහසකට පමණ පිරිසකට නඩු පවරා ඇති අතර තවත් හයදහසකට පමණ නඩු පැවරීමට නියමිතව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

නිරෝධායන නීති තවදුරටත් ක්‍රියාත්මක වන අතර පළාත් සංචරණ නියෝග ද තවදුරටත් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක බව ඔහු කියාසිටියා.

මේ අතර ඊයේ දිනයේ බස්නාහිර පළාතෙන් ඇතුලුවන සහ පිටවන ස්ථාන 13කදී පවත්වන ලද මාර්ග බාධකවලදී පුද්ගලයන් 7644ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

ඒ ඔවුන් පැමිණි වාහන 4120ක් ද සමගින්.

එහිදී පැමිණි වාහන 99ක් ද සමග 150 දෙනෙකුට අවවාද කර යළි හරවා යවා තිබෙනවා.

පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් පළාත් මායිම් හරහා ගමන් කිරීමට උත්සාහ කිරීම හේතුවෙනුයි පොලිසිය මෙම පියවර ගෙන ඇත්තේ.

මේ අතර හෙට දිනයේ සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයන් මෙන්ම මුව ආවරණ නිසියාකාරව නොපළඳින පුද්ගලයන් සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරන බව පොලිසිය පවසනවා.

විශේෂයෙන් කොළඹ නගරය සහ බස්නාහිර පළාත ආශ්‍රිතවයි මෙම මෙහෙයුම ක්‍රියාත්මක වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
12
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අලි වැදෙන හැටි බලන්න කෝච්චියේ ගිය ඇමති - රැස්වීමත් උණුසුම් - නිලධාරීන්ට තද වෙයි
Video thumbnail
නවසීලන්තයට යන්න කළින් අපේ කෙල්ලෝ කියපු මොරාල් කතාව
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
02:47:52
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:27:01
Video thumbnail
දයාසිරි මේ වගේ කතාවක් කරයි කියලා හිතුවද ?
10:00
Video thumbnail
තනියම ඩයස්පෝරාවට සද්දේ දැමු මේජර් ජනරාල් සම්මානයක් දිනාගනී
02:02
Video thumbnail
කළුතර සිංහයා රෝහිත ගමකට කන්න දෙයි
04:37
Video thumbnail
මෙයාලගේ ගොඩාක් තියෙන්නේ බොරුව...
05:22
Video thumbnail
මේ පාතාල කේස් ඔක්කොම කළින් ආණ්ඩුවල වැරදි - මාලිමා මන්ත්‍රී කියයි
06:58
Video thumbnail
ටියුෂන් දෙන්නම් කියපු මනුස්සයා වහාම ඉල්ලා අස් වෙන්න ඕන
04:41

?