පළාත් කිහිපයකට අදත් වැස්ස

අද (16) දිනය තුළ අහස වළාකුලින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

එමෙන්ම උතුර, උතුරු මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණ, ඌව පළාත්වලට විටින් විට වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තෙමන්තුව සඳහන් කරන්නේ.

සෙසු ප්‍රදේශවලට පස්වරු 1.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

වයඹ පළාතේ උදෑසන කාලයේ වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි අතර, බස්නාහිර, වයඹ, සබරගමුව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
3
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?