පළාත් කිහිපයකට අදත් මහ වැසි

උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ; උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී. 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවයි.

ඌව සහ මධ්‍යම පළාත්වල පස්වරු 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාවක් ද පවතින බවයි වාර්තා වන්නේ.

වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇති විය හැකියි.

මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම
01:05
Video thumbnail
"හත් දෙයියනේ බය වෙන්නේ නැද්ද..බෝම්බයක් දැක්කම..අපි කෞතුකාගාරයේ විතරයි දැකලා තියෙන්නේ"
01:30
Video thumbnail
මහජන ආරක්ෂක කමිටුව හරියට සක්‍රිය වුණොත් පොලිසියට වැඩ නැතිවෙනවා
02:54
Video thumbnail
D.V. චානක ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..තෙල් ලංකාවට එන්න කළින් කොහොමද මිල වැඩි කළේ..?
06:39
Video thumbnail
ආණ්ඩු ප්‍රබලයෙක් ඉදිරියේ කාන්තාවක් කිව්ව සැර කතාව.."ඡන්ද ටික ගන්න නම් අනිවාර්යෙන් එනවා"
02:40
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට වටගලගෙන් රතු එළි..ඔබ විනාශ කරන්නේ රටේ ජනතාව
01:36
Video thumbnail
දිට්වා සුළිකුණාටුවෙන් පොඩි ගැස්සීමක් වුණා..බඩු මිල වැඩි වෙනවා..ඒක වළක්වගන්න බැහැ
03:27
Video thumbnail
නිරෝෂන් - විමල්ට හොඳම එකෙන් දෙසයි..සජිත් කියන්නේ අටලෝ දහමින්ම කම්පා නොවන නායකයෙක්..
06:13
Video thumbnail
කියන්න දෙයක් නෑ..අසාර්ථක ආණ්ඩුවක්..ඉදිකිරීම් ද්‍රව්‍ය වැඩි කිරීම නිසා ජනතාව දැඩි අසරණවෙයි
01:31
Video thumbnail
නිරෝෂන් ආණ්ඩුවේ කෙරුවාව එකින් එක හෙළිකරයි..මෙයාලට අවු:25ක් හිරේ ඉන්න වෙයි..මේ Gota Two
05:54