AFC Banner
AFC Banner
Empty Ad

පළමු දිනයේ දී දේශපාලන පක්ෂයකින් සහ ස්වාධීන කණ්ඩායම් තුනකින් නාම යෝජනා

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීම ඊයේ (04) දිනයේ ආරම්භ වුණා.

නාම යෝජනා භාරදීම ඇරඹු පළමු දිනයේදීම පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් නාම යෝජනා භාරදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව ජනසෙත පෙරමුණ යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාස සඳහා යෝජනා භාරදී ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (04) දිනයේ ආරම්භ වූ නාම යොජනා භාරගැනීම ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 සිදු කෙරෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ දිනයේ සිට ඊයේ (04) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ දී පමණක් ස්වාධීන කණ්ඩායම් 36ක් ඇප මුදල් තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට මැතිවරණ කොට්ඨාස 22න් 21ක් සඳහා ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි.

මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා පමණක් මෙතෙක් කිසිඳු ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?