පළමු දිනයේ දී දේශපාලන පක්ෂයකින් සහ ස්වාධීන කණ්ඩායම් තුනකින් නාම යෝජනා

එළඹෙන මහ මැතිවරණය වෙනුවෙන් නාම යෝජනා භාරදීම ඊයේ (04) දිනයේ ආරම්භ වුණා.

නාම යෝජනා භාරදීම ඇරඹු පළමු දිනයේදීම පිළිගත් දේශපාලන පක්ෂයක් සහ ස්වාධීන කණ්ඩායම් තුනක් නාම යෝජනා භාරදී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ.

ඒ, අනුව ජනසෙත පෙරමුණ යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාස සඳහා යෝජනා භාරදී ඇති බවයි වාර්තා වුණේ.

ඊයේ (04) දිනයේ ආරම්භ වූ නාම යොජනා භාරගැනීම ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 සිදු කෙරෙනවා.

මේ අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කිරීම ආරම්භ කළ දිනයේ සිට ඊයේ (04) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප මුදල් තැන්පත්කර තිබෙනවා.

ඊයේ (04) දිනයේ දී පමණක් ස්වාධීන කණ්ඩායම් 36ක් ඇප මුදල් තැන්පත්කර ඇති බවයි වාර්තා වුණේ.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ මේ වන විට මැතිවරණ කොට්ඨාස 22න් 21ක් සඳහා ස්වාධීන කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර ඇති බවයි.

මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා පමණක් මෙතෙක් කිසිඳු ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32